විදුලිබල සම්බන්ධතා හා සැපයුම් ලබාදීමේදී විදුලිබල බෙදාහැරීම් බලපත‍්‍රහිමියන් විසින් දරනු ලැබ ඇති වියදම් පියවීමට යම් පුද්ගලයෙක්් සතුව ප‍්‍රමාණවත් වත්කමක් නොමැති බව පිළිබඳව , සෑහිමට පත්වීම සඳහා මාර්ගෝපදේශ සකස් කිරීම.

ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව

මහජන අදහස් විමසීම

නිර්දේශය ලබාගැනීමට පිවිසෙන්න

විදුලිබල කර්මාන්තයේ ආර්ථික, තාක්ෂණික හා ආරක්ෂක නියාමකයා ලෙස හා විදුලිබලය සම්බන්ධ කිරිීම හා සැපයීම සඳහා ගාස්තු අය කිරීමේදී, අනාගත පාරිභෝගිකයන්ගේ ඔිනෑකම් පිළිබඳ සැළකිළිමත්වීීමේ අරමුණ ඇතිව, ශී‍්‍ර ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව (කොමිෂම ඉහත කරුණ සම්බන්ධව මහජන අදහස් මෙයින් කැඳවනු ලබයි.

2009 අංක 20 දරන ශී‍්‍ර ලංකා විදුලිබල සංශෝධිත පනතේ 27 වන වගන්තිය ප‍්‍රකාරව, යම් පුද්ගලයකුට විදුලිබල සැපයුමක් අවශ්‍ය වන නමුත්, විදුලිබල සම්බන්ධතාවක් හා සැපයුමක් ලබාදීම සඳහා බෙදාහැරීම් බලපත‍්‍රහිමියා විසින් දරනු ලැබ ඇති වියදම්, සම්පූර්ණයෙන් හා එක්වර ගෙවීමට ප‍්‍රමාණවත් වත්කමක් නොමැති විට, එම වියදම් අයක‍්‍රම සම`ග, සාධාරණ මාසික වාරික වලින් අයකරගන්නා ලෙසට, බෙදාහැරීම් බලපත‍්‍රහිමියාගෙන් ඉල්ලීමක් සිදු කළ හැකිය.

විදුලිබල සම්බන්ධතාවක් හා සැපයුමක් ලබාදීමේ දී, බෙදාහැරීම් බලපත‍්‍රහිමියා විසින් දරනු ලැබ ඇති වියදම් සම්පූර්ණයෙන් එක්වර ගෙවීමට යම් පුද්ගලයෙක් සතුව ප‍්‍රමාණවත් වත්කමක් නොමැති බවට බෙදාහැරීම් බලපත‍්‍රහිමියා සෑහීමකට පත්වන්නේ නම්, විදුලිබල සම්බන්ධතාව හා සැපයුම ලබාදීමට පෙර, එම පුද්ගලයා විසින් වියදම් බෙදාහැරීම් බලපත‍්‍රහිමියාට ගෙවීීම් සිදු කරනු ලබන ආකාරය පිළිබඳව, බෙදාහැරීම් බලපත‍්‍රහිමියා සම`ග ගිවිසුමකට එළඹීමට අවශ්‍ය වේ.

මේ සම්බන්ධව, විදුලිබල සම්බන්ධතාවක් හා සැපයුමක් ලබාදීමේදී, බෙදාහැරීම් බලපත‍්‍රහිමියා විසින් දරනු ලැබ ඇති වියදම්, සම්පූර්ණයෙන් හා එක්වර ගෙවීමට එම පුද්ගලයා සතුව ප‍්‍රමාණවත් වත්කමක් නොමැති බව පිළිබඳව සෑහීමකට පත්වීම සඳහා, එම බෙදාහැරීම් බලපත‍්‍රහිමියාට අවශ්‍ය කරන තොරතුරු 2009 අංක 20 දරන ඉහත පනතේ රීති අනුව, කොමිෂන් සභාව විසින් නියම කර ඇති මාර්ගෝපදේශයන් මත පදනම් විය යුතුය.

මෙම කාර්යය සඳහා මාර්ගෝපදේශයන් සකස් කිරීම සම්බන්ධව නිර්දේශයන් ඉදිරිපත් කරමින් අදහස් විමසනු ලබන ලිපිය, කොමිෂන් සභාවේ වෙබ් අඩවිය වන අඅඅගචමජිකගටදඩගකන ම`ගින් ලබාගත හැකි අතර, එහි කාර්යාලයෙන්ද එය ලබාගත හැකිය. ගෘහස්ථ පාරිභෝගිකයන් ස`දහා නිර්දේශ කරන ලද මාර්ගෝපදේශ පිළිබඳ අදහස් විමසනු ලබන අතර, අනෙකුත් පාරිභෝගික කාණ්ඩ සදහාද එම රීති වලට ඇතුළත් කළ හැකි මාර්ගෝපදේශ පිළිබඳ අදහස් විමසා සිටිනු ලැබෙි. ඔබගේ අදහස් ලිඛිතව 2015 ඔක්තෝම්බර් 26 දින සවස 4.15 පෙර ලබා දිය යුතුය.

සභාපති
ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව
6 වන මහළ, ලංකා බැංකු වෙළඳ කුළුණ, 28, ශාන්ත මයිකල් පාර, කොළඹ – 03.
දුරකතනය: 011-2392608 ෆැක්ස්: 011-2392641