වහල මත සවිකරන සුර්යබල පද්ධති වැඩසටහන ප්‍රවර්ධනය පිළිබද මහජන උපදේශනය
වහල මත සවිකරන සුර්යබල පද්ධති වැඩසටහන ප්‍රවර්ධනය පිළිබද මහජන උපදේශනය

ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව

වහල මත සවිකරන සුර්යබල පද්ධති වැඩසටහන ප්‍රවර්ධනය පිළිබද මහජන උපදේශනය

උපදේශන පත්‍රිකාව ලබාගන්න
නෙට් මීටරින්-අයදුම්පත (නෙට් මීටරින්-අයදුම්පත (ලංවිම-රීජන්ට්- එක)
නෙට් මීටරින්-අයදුම්පත (ලෙකො)

2002 අංක 35 දරන ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභා පනත මගින් මෙරට විදුලිබල කර්මාන්තය, ජල සේවා කර්මාන්තය සහ ඛණිජ තෙල් කර්මාන්තය නියාමනය සදහා ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව (කොමිෂන් සභාව) පිහිටුවන ලදී.
2002 අංක 35 දරන ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභා පනතේ 17 (ඇ) වගන්තිය සහ 2009 අංක 20 දරන ශ්‍රී ලංකා විදුලිබල (සංශෝධිත) පනතේ 3 (ඔ) වගන්තිය යටතේ ඉහත සදහන් මහජන අදහස් විමසීම පැවත්වීමට කොමිෂන් සභාව තීරණය කර තිබේ.
රජයේ ඉලක්කය වනුයේ ඉදිරි අවුරුදු 10 තුලදී වහල මත සවි කළ සුර්යබල පද්ධති දස ලක්ෂයක් ස්ථාපිත කිරීම ය. මෙම ඉලක්කය ලගාකර ගැනීම සදහා සුර්ය බල සංග්‍රාමය ක්‍රියාවට නගා ඇත. ඒ යටතේ වසර 2020 වන විට මෙගාවොට් 200ක ධාරිතාවයක් ද වසර 2025 වන එය මෙගා වොට් 1000 දක්වා වර්ධනය කිරීමට ද අපේක්ෂා කෙරේ.
ඉහත සදහන් ප්‍රතිපත්ති අනුව වහල මත සවිකරන සුර්ය බල පද්ධති වැඩසටහන සාර්ථකව ක්‍රියාත්මක කිරීම සදහා විදුලිබල සේවා සැපයුම් ආයතන (ලංකා විදුලිබල මණ්ඩලය හා ලංකා විදුලි පෞද්ගලික සමාගම) වෙත මාර්ගෝපදේශ නිකුත් කිරීමට අදහස් කරයි.

වහල මත සවිකරන සුර්ය බල පද්ධති වැඩසටහන සම්බන්ධයෙන් අදහස් හා යෝජනා ඉදිරිපත්කිරීමට උනන්දුවක් දක්වන පාර්ශ්වයන්ට ලිඛිතව අදහස් එවන ලෙස ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව ආරාධනා කර සිටී. අදහස් හා යෝජනා පහත සදහන් ක්ෂේත්‍රයන් පදනම් කරගෙන සකස්කල හැකි අතර 2017 ඔක්තෝබර් මස 24 වැනි දිනට පෙර එවිය යුතු වේ.
1. වහල මත සවිකරන සුර්ය බල පද්ධති වැඩසටහන සම්බන්ධයෙන් දැනට පවත්නා රාමුව (උදා- නෙට් මීටරින් සදහා අයදුම්කිරීම, ඇස්තමේන්තු ලබාදීම, පිරිවැය හා මනු සවිකිරීමේ ක්‍රියාවන් ඇතුළු) වැඩිදියුණු කිරීම සදහා යෝජනා

2. සුර්යබල පද්ධති ස්ථාපනය කිරීමට අදාල පිළිගත් ප්‍රමිතීන්
3. තාක්ෂණික බාධා සහ ජාතික පද්ධතියට එක්කිරීමේදී භාවිතකල හැකි විවිධ තේරීම්
4. රජයේ සුර්ය බල සංග්‍රාමය යටතේ අපේක්ෂිත ඉලක්ක ලගාකරගැනීම තහවුරු කරගැනීමේදී සැළකිල්ලට ගතහැකි වෙනත් අදහස් හා යෝජනා

අදහස් ලබාදිය හැකි ආකාර.
ලිපිනය
ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව
6 වන මහල
ලංකා බැංකු වෙළද කුළුන
අංක 28
ශාන්ත මයිකල් පාර
කොළඹ 3.

වෙබ් අඩවිය හරහා -www.pucsl.gov.lk
කොමිෂන් සභාවේ ෆේස් බුක් ගිණුම හරහා www.facebook.com/pucsl
ඊමේල් ලිපිනය හරහා – consultation@pucsl.gov.lk

ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව
6 වන මහළ, ලංකා බැංකු වෙළඳ කුළුණ, 28, ශාන්ත මයිකල් පාර, කොළඹ – 03.

දුරකතනය: 011-2392608 ෆැක්ස්: 011-2392641

දිනය 2017/08/22