රැකියා අවස්ථා
රැකියා අවස්ථා

ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව

පහත සදහන් තනතුරු සදහා සුදුසුකම් සහිත වෘත්තිකයින්ගෙන් අයදුම්පත් කැදවනු ලැබේ.

2002 අංක 35 දරන ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව පනත මගින් ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව මෙරට බහුවිධ යටිතල පහසුකම් නියාමන ආයතනය වශයෙන් ස්ථාපිත කර ඇත. 2009 අංක20 දරන ශ්‍රී ලංකා විදුලිබල පනත සම්මත කිරීමෙන් අනතුරුව කොමිෂන් සභාව විදුලිබල කර්මාන්තයේ ආර්ථික, ආරක්ෂණ හා තාක්ෂණ නියාමන ආයතනය වශයෙන් ක්‍රියාත්මක වේ.

පහත සදහන් තනතුරු සදහා සුදුසුකම් සහිත වෘත්තිකයින්ගෙන් අයදුම්පත් කැදවනු ලැබේ.

නියෝජ්‍ය අධ්‍යක්ෂ-පාරිභෝගික කටයුතු (තනතුරු 01යි)

අ) වාර්තාකිරීමේ සම්බන්ධතාවය
අධ්‍යක්ෂ-පාරිභෝගික කටයුතු වෙත
ආ) සුදුසුකම් හා පලපුරුද්ද
විශ්ව විද්‍යාල කොමිෂන් සභාව විසින් අනුමත විශ්ව විද්‍යාලයකින් ලබාගත් උපාධියක් සහ පශ්චාත් උපාධියක් සහිතව පාරිභෝගික කටයුතු සම්බන්ධයෙන් අවම වශයෙන් වසර 10ක පලපුරුද්ද
ඇ) වයස

අවුරුදු 40ට වඩා අඩුවිය යුතුය.

සහකාර අධ්‍යක්ෂ – (තනතුරු 01යි)
අ) වාර්තාකිරීමේ සම්බන්ධතාවය
අධ්‍යක්ෂ ජනරාල් වෙත
ආ) සුදුසුකම් හා පලපුරුද්ද
විශ්ව විද්‍යාල කොමිෂන් සභාව විසින් අනුමත විශ්ව විද්‍යාලයකින් ලබාගත් උපාධියක් සහ පරිපාලන ක්ෂේත්‍රයේ අවම වශයෙන් වසර 1ක පලපුරුද්ද
ඇ) වයස
අවුරුදු 30ට වඩා අඩු විය යුතු ය.

ඉහත තනතුර සදහා ආකර්ෂණීය වැටුප් හා ප්‍රතිලාභ හිමි වේ.

සුදුසුකම් සහ පලපුරුද්ද අනුව ලැයිස්තුගතකරන අයදුම්කරුවන් සම්මුඛ පරීක්ෂණය සදහා කැදවන අතර සම්මුඛ පරීක්ෂණයේදී දක්වන කාර්යසාධනය මත පදනම් ව තෝරාගැනීම සිදු වේ.

අයදුම්කරුගේ සම්පුර්ණ නම, ලිපිනය, දුරකතන අංක, උපන් දිනය, වයස, පුරවැසිභාවය, අධ්‍යාපන සහ වෘත්තීය සුදුසුකම් සහ වෙනත් තොරතුරු සහ අයදුම්කරු පිළිබද නිර්දේශ ඉදිරිපත් කල හැකි ඥාතීන් නොවන දෙදෙනෙකුගේ නම්, දුරකතන අංක සහ හැදින්වීමේ ලිපියක්ද සහිත අයදුම්පත් 2017 දෙසැම්බර් 18 වැනි දින හෝ එදිනට පෙර එවිය යුතු වේ. අයදුම්පත එවන ලිපි කවරයේ වම්පස ඉහල කොටසේ හෝ ඊමේල් පණිවිඩයේ විෂය තීරයෙහි අයදුම්කරන තනතුර සදහන් කල යුතු ය.

සභාපති
ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව
6 වන මහළ, ලංකා බැංකු වෙළඳ කුළුණ, 28, ශාන්ත මයිකල් පාර, කොළඹ – 03.
දුරකතනය: 011-2392608 ෆැක්ස්: 011-2392641/h5
ඊමේල්: careers@pucsl.gov.lk වෙබ්අඩවිය: www.pucsl.gov.lk