බලපත්‍ර සංශෝධනය සඳහා වන අභිලාෂය
බලපත්‍ර සංශෝධනය සඳහා වන අභිලාෂය

ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව

2009 අංක 20 දරන ශ්‍රී ලංකා විදුලිබල පනතේ 12 (1) (අ)
වගන්තිය යටතේ සිදු කෙරෙන නිවේදනය
බලපත්‍ර සංශෝධනය සඳහා වන අභිලාෂය

පහත සදහන් බලපත්‍රලාභියාගේ ඉල්ලීම පරිදි 2009 අංක 20 දරන ශ්‍රී ලංකා විදුලිබල පනතේ 32 (2) (අ) වගන්තිය ප්‍රකාරව අදාල බලපත්‍රය සංශෝධනය කිරීමට අදහස් කරන බව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව (කොමිෂන් සභාව) මෙයින් නිවේදනය කර සිටී.

බලපත්‍ර අංකය බලපත්‍රලාභියා බලාගාරයේ නම සංශෝධනය
EL/GI/14-09 ඒ ඊ එස් කැළණිතිස්ස ප්‍රයිවට් ලිමිටඩ් ඒඊඑස් කැළණිතිස්ස  

බලපත්‍රලාභියාගේ නම සොජිට් කැළණිස්ස (ප්‍රයිවට්) ලිමිටඩ් යනුවෙන් සංශෝධනය කිරීම සහ බලාගාරයේ නම සොජිට්ස් කැළණිතිස්ස යනුවෙන් සංශෝධනය කිරීම

ඉහත යෝජනා සම්බන්ධයෙන් කිසියම් අදහස් දැක්වීමක් වෙතොත් මෙම නිවේදනයේ දින සිට දින විසි අටක් (28) තුළ කොමිෂන් සභාව වෙත ලිඛිතව ලබා දිය යුතුය. අදහස් දැක්විම් එවීමේදී අයදුම්පත්‍ර අංකය සඳහන් කිරීමට කටයුතු කරන ලෙස කාරුණිකව දන්වා සිටිමි.

සභාපති
ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව
6 වන මහළ, ලංකා බැංකු වෙළඳ කුළුණ, 28, ශාන්ත මයිකල් පාර, කොළඹ – 03.
දුරකතනය: 011-2392608 ෆැක්ස්: 011-2392641

1016 අගෝස්තු 10