බලපත්‍ර ප්‍රදානය කිරීම සඳහා වන අභිලාෂය
බලපත්‍ර ප්‍රදානය කිරීම සඳහා වන අභිලාෂය

ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව 2009 අංක 20 දරන ශ්‍රී ලංකා විදුලිබල පනතේ 12 (1) () වගන්තිය යටතේ සිදු කෙරෙන නිවේදනය බලපත්‍ර ප්‍රදානය කිරීම සඳහා වන අභිලාෂය

පාරිභෝගිකයන් වෙත විදුලිබල සම්පාදනයේ අඛණ්ඩත්වය සහතික කිරීම පිණිස 2009 අංක 20 දරන ශ්‍රී ලංකා විදුලිබල පනතේ 12 (1) (අ) වගන්තිය ප්‍රකාරව පහත සදහන් පාර්ශ්වයන් වෙත විදුලිබලය උත්පාදනය කිරීම සඳහා බලපත්‍ර ප්‍රදානය කිරීමට අදහස් කරන බව  ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව (කොමිෂන් සභාව) මෙයින් නිවේදනය කර සිටී.

අයදුම් පත් අංකය අයදුම්කරු බලාගාරයේ/පහසුකමේ නම ධාරිතාවය (මෙගා වොට්) තාක්ෂණය
E/AL/N/19/01 ඔරික් කෝපරේශන් පුද්ගලික සමාගම මොණරාගල 1 SBSP11 සූර්ය බලශක්ති ව්‍යාපෘතිය 1.00 සෝලාර්  PV
E/AL/N/19/02 රිසස් එනර්ජි පී.එල්.සී අම්පාර 1 SBSP11 සූර්ය බලශක්ති ව්‍යාපෘතිය 1.00 සෝලාර්  PV
E/AL/N/19/03 ගිද්දාව හයිඩ්‍රෝ පවර් පුද්ගලික සමාගම අම්පාර 2 SBSP11 සූර්ය බලශක්ති ව්‍යාපෘතිය 1.00 සෝලාර්  PV
E/AL/N/19/04 ඩී.පී.එස් පුද්ගලික සමාගම අනුරාධපුර 1 SBSP11 සූර්ය බලශක්ති ව්‍යාපෘතිය 1.00 සෝලාර්  PV
E/AL/N/19/05 ඔනික්ස් හයිඩ්‍රෝ පවර් කම්පනි පුද්ගලික සමාගම කුරුවිල කුඩා ජල විදුලි ව්‍යාපෘතිය 2.20 කුඩා ජල විදුලි
E/AL/N/19/06 මහව සෝලා පුද්ගලික සමාගම මාහෝ 3 SBSP II සූර්ය බලශක්ති ව්‍යාපෘතිය 1.00 සෝලාර්  PV
E/AL/N/19/07 ඇතුගල්පුර සෝලා පුද්ගලික සමාගම මාහෝ 2 SBSP II සූර්ය බලශක්ති ව්‍යාපෘතිය 1.00 සෝලාර්  PV
E/AL/N/19/08 ඌව සෝලා පුද්ගලික සමාගම. මහියන්ගනය 1 SBSP II සූර්ය බලශක්ති ව්‍යාපෘතිය 1.00 සෝලාර්  PV
E/AL/N/19/09 බින්තැන්න සෝලා පුද්ගලික සමාගම මහියන්ගනය 2 SBSP II සූර්ය බලශක්ති ව්‍යාපෘතිය 1.00 සෝලාර්  PV
E/AL/N/19/10 මාපකඩ සෝලා පුද්ගලික සමාගම මහියන්ගනය 3 SBSP II සූර්ය බලශක්ති ව්‍යාපෘතිය 1.00 සෝලාර්  PV

ඉහත යෝජනා සම්බන්ධයෙන් කිසියම් අදහස් දැක්වීමක් වෙතොත් මෙම නිවේදනයේ දින සිට දින විසි අටක් (28) තුළ කොමිෂන් සභාව වෙත ලිඛිතව ලබා දිය යුතුය. අදහස් දැක්විම් එවීමේදී අයදුම්පත්‍ර අංකය සඳහන් කිරීමට කටයුතු කරන ලෙස කාරුණිකව දන්වා සිටිමි.

 සභාපති

ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව

6 වන මහළ, ලංකා බැංකු වෙළඳ කුළුණ, 28, ශාන්ත මයිකල් පාර, කොළඹ – 03.

දුරකතනය: 011-2392608    ෆැක්ස්: 011-2392641

ඊමේල්: licensing@pucsl.gov.lk   වෙබ්අඩවිය: www.pucsl.gov.lk

දිනය: 19.06.2019