බලපත්‍ර ප්‍රදානය කිරීම සඳහා වන අභිලාෂය
බලපත්‍ර ප්‍රදානය කිරීම සඳහා වන අභිලාෂය

ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව

2009 අංක 20 දරන ශ්‍රී ලංකා විදුලිබල පනතේ 12 (1) (අ)
වගන්තිය යටතේ සිදු කෙරෙන නිවේදනය

බලපත්‍ර ප්‍රදානය කිරීම සඳහා වන අභිලාෂය

පාරිභෝගිකයන් වෙත විදුලිබල සම්පාදනයේ අඛණ්ඩත්වය සහතික කිරීම පිණිස 2009 අංක 20 දරන ශ්‍රී ලංකා විදුලිබල පනතේ 12 (1) (අ) වගන්තිය ප්‍රකාරව පහත දක්වා ඇති තැනැත්තන් වෙත විදුලිබලය උත්පාදනය කිරීම සඳහා බලපත්‍ර ප්‍රදානය කිරීමට අදහස් කරන බව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව (කොමිෂන් සභාව) මෙයින් නිවේදනය කර සිටී.

අයදුම්පත්‍ර අංකය අයදුම්කරු බලාගාරය / පහසුකමේ නම ධාරිතාවය
මෙ.වො
තාක්ෂණය
E/AL/N/15/10 හිරාන් පවර් පනාමුරේ (ප්‍රයිවට්) ලිමිටඩ් පනාමුරේ ඩෙන්ඩ්‍රො බලාගාරය 0.99 ඩෙන්ඩ්‍රො
E/AL/N/15/12 මැක්වුඩ්ස් එනර්ජි පී එල් සී තුඩුගල කුචා ජල විදුලිබල ව්‍යාපෘතිය 0.0125 ජලවිදුලි බල

ඉහත යෝජනාව සම්බන්ධයෙන් කිසියම් අදහස් දැක්වීමක් වෙතොත් මෙම නිවේදනයේ දින සිට දින විසි අටක් (28) තුළ කොමිෂන් සභාව වෙත ලිඛිතව ලබා දිය යුතුය. අදහස් දැක්විම් එවීමේදී අයදුම්පත්‍ර අංකය සඳහන් කිරීමට කටයුතු කරන ලෙස කාරුණිකව දන්වා සිටිමි.

ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව

6 වන මහළ, ලංකා බැංකු වෙළඳ කුළුණ, 28, ශාන්ත මයිකල් පාර, කොළඹ – 03.

දුරකතනය: 011-2392608 ෆැක්ස්: 011-2392641
දිනය 2015 අගෝස්තු 7 වන දින