බලපත්‍ර නිදහස්කිරීම් සඳහාවන අභිලාෂය
බලපත්‍ර නිදහස්කිරීම් සඳහාවන අභිලාෂය

ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව

2009 අංක 20 දරන ශ්‍රී ලංකා විදුලිබල පනතේ 21 (2) යනවගන්තියටතේසිදු කෙරෙනනි වේදනය

බලපත්‍ර නිදහස්කිරීම් සඳහාවන අභිලාෂය

සිය පරිශ්‍රය තුල පිහිටි සීමිත බෙදාහැරීම් ජාලයක් හරහා අඩු විදුලිබල ප්‍රමාණයක් බෙදාහැරීමේ නිරත පහත සදහන් පාර්ශ්වයන් සදහා නිශ්චිත ප්‍රදේශය තුල පමණක් විදුලිබලය සැපයීම හා බෙදාහැරීම සදහා 2009 අංක 20 දරන ශ්‍රී ලංකා විදුලිබල පනතේ 21 (2) වගන්තිය ප්‍රකාරව නිදහස්කිරීම් ප්‍රදානය කිරීමට අදහස් කරන බව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව (කොමිෂන් සභාව) මෙයින් නිවේදනය කර සිටී.

අයදුම්පත්‍ර අංකය ආයතනය පරිශ්‍රය පාරිභෝගිකයින්ගේ ස්වභාවය
E/AE-D/16/08 ජේසන් රියැල්ටි (පුද්) සමාගම ද සේරම් නිවාස සංකිර්ණය.
අංක 56/4, ද සේරම් පාර, ගල්කිස්ස
නේවාසික කුලිකරුවන්
E/AE-D/16/09 මිරේකා කැපිටල් ලෑන්ඩ් (පුද්) සමාගම අංක 324, හැව්ලොක් පාර කොළඹ 6 නේවාසික කුලිකරුවන්

ඉහත යෝජනාව සම්බන්ධයෙන් කිසියම් අදහස් දැක්වීමක් වෙතොත් මෙම නිවේදනයේ දින සිට දින විසි අටක් (28) තුළ කොමිෂන් සභාව වෙත ලිඛිතව ලබා දිය යුතුය. අදහස් දැක්විම් එවීමේදී අයදුම්පත්‍ර අංකය සඳහන් කිරීමට කටයුතු කරන ලෙස කාරුණිකව දන්වා සිටිමි.

ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව

6 වන මහළ, ලංකා බැංකු වෙළඳ කුළුණ, 28, ශාන්ත මයිකල් පාර, කොළඹ – 03.

දුරකතනය: 011-2392608 ෆැක්ස්: 011-2392641

දිනය 2016 දෙසැම්බර් 31 වැනි දින