බලපත්‍රය සංශෝධනය සඳහා වන අභිලාෂය
බලපත්‍රය සංශෝධනය සඳහා වන අභිලාෂය

ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව 2009 අංක 20 දරන ශ්‍රී ලංකා විදුලිබල පනත32 (2) () යන වගන්ති යටතේ සිදු කෙරෙන නිවේදනය

බලපත්‍රය සංශෝධනය සඳහා වන අභිලාෂය

පාරිභෝගිකයන් වෙත විදුලිබල සම්පාදනයේ අඛණ්ඩත්වය සහතික කිරීම පිණිස 2009 අංක 20 දරන ශ්‍රී ලංකා විදුලිබල පනතේ 32(2) (අ) වගන්තිය යටතේ  අදාල බලපත්‍ර සංශෝධනය කිරීමට අදහස් කරන බව මෙයින් නිවේදනය කර සිටී.

 

බලපත්‍ර අංකය බලපත්‍ර හිමිකරුගේ නම ව්යාපෘතිය ධාරිතාවය (මෙගා වොට්) සංශෝධනය
EL/GS/13-08 වාරිමාර්ග සහ ජල සම්පත් කළමනාකරණ අමාත්‍යාංශය මොරගහකන්ද ජලාශය- i ජල විදුලි ව්‍යාපෘතිය 10 1.              බලපත්‍රලාභියාගේ නම “ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය” ලෙස වෙනස් කිරීම

 

EL/GS/13-09 වාරිමාර්ග සහ ජල සම්පත් කළමනාකරණ අමාත්‍යාංශය මොරගහකන්ද ජලාශය- ii ජල විදුලි ව්‍යාපෘතිය 10 1.              බලපත්‍රලාභියාගේ නම “ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය” ලෙස වෙනස් කිරීම

2.              ව්‍යාපෘති ධාරිතාව මෙ.වො 10 සිට මෙ.වො 7.5 දක්වා වෙනස් කිරීම

EL/GS/13-10 වාරිමාර්ග සහ ජල සම්පත් කළමනාකරණ අමාත්‍යාංශය මොරගහකන්ද ජලාශය- iii ජල විදුලි ව්‍යාපෘතිය 5 1.              බලපත්‍රලාභියාගේ නම “ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය” ලෙස වෙනස් කිරීම

2.              ව්‍යාපෘති ධාරිතාව මෙ.වො 5 සිට මෙ.වො 7.5 දක්වා වෙනස් කිරීම

EL/GS/14-15 කේ. එම්.ආර්.අයි ඇසෙට් කම්පනි පුද්ගලික සමාගම ලොලුවගොඩ ඩෙන්ඩ්‍රො විදුලි බලාගාරය 5 බලපත්‍රලාභියාගේ නම මීරිගම ඩෙන්ඩ්‍රෝ පව(ර්) පුද්ගලික සමාගම ලෙස වෙනස් කිරීම

 

 

ඉහත යෝජනා සම්බන්ධයෙන් කිසියම් අදහස් දැක්වීමක් වෙතොත් මෙම නිවේදනයේ දින සිට දින විසි අටක් (28) තුළ කොමිෂන් සභාව වෙත ලිඛිතව ලබා දිය යුතුය. අදහස් දැක්විම් එවීමේදී අයදුම්පත්‍ අංකය සඳහන් කිරීමට කටයුතු කරන ලෙස කාරුණිකව දන්වා සිටිමි.

 

සභාපති

ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව

6 වන මහළ, ලංකා බැංකු වෙළඳ කුළුණ, 28, ශාන්ත මයිකල් පාර, කොළඹ – 03.

දුරකතනය: 011-2392608                ෆැක්ස්: 011-2392641

ඊමේල්: licensing@pucsl.gov.lk                   වෙබ්අඩවිය: www.pucsl.gov.lk

දිනය: 19.06.2019