ප්‍රසිද්ධ නිවේදනය – ලිහිසිතෙල් සඳහා (අවම) ශ්‍රී ලංකා ප්‍රමිති යාවත්කාලීන කිරීම
ප්‍රසිද්ධ නිවේදනය – ලිහිසිතෙල් සඳහා (අවම) ශ්‍රී ලංකා ප්‍රමිති යාවත්කාලීන කිරීම

බලශක්ති අමාත්‍යාංශය

ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව

ප්‍රසිද්ධ නිවේදනය

(2021.07.11 දිනැති ප්‍රසිද්ධ නිවේදනයේ 2 වැනි අයිතමය සංශෝධනය කිරීම)

ලිහිසිතෙල් සඳහා (අවම) ශ්‍රී ලංකා ප්‍රමිති යාවත්කාලීන කිරීම

 

මෙම  නිවේදනයේ දක්වා ඇති, වාහන සඳහා භාවිතා වන ලිහිසිතෙල් නිෂ්පාදන සඳහා අවම ශ්‍රී ලංකා ප්‍රමිතීන්, එන්ජින් සැලසුම්කරණයට අදාල කරුණු සහ වාහන වලින් සිදුවන විමෝචන සම්බන්ධ කරුණු වැනි දෑ සැලකිල්ලට ගනිමින් යාවත්කාලීන කර ඇති  අතර, ඒවා පහත දක්වා ඇති පරිදි ක්‍රියාත්මක වන බව මහජනතාවට දැනුම් දෙනු ලැබේ.

 

  1. යාවත්කාලීන කල අවම ශ්‍රී ලංකා ප්‍රමිතීන්ට අනුකූල නොවන ලිහිසිතෙල් ආනයනය, මිශ්‍ර කිරීම හා නිෂ්පාදනය 2021 ජූනි 30 වෙනිදායින් පසුව තහනම් වේ.
  2. යාවත්කාලීන කල අවම ශ්‍රී ලංකා ප්‍රමිතීන්ට අනුකූල නොවන ලිහිසිතෙල් විකිණීම, සැපයීම හා බෙදාහැරීම 2021 දෙසැම්බර් 31 වෙනිදායින් පසුව තහනම් වේ.

 

පහත දක්වා ඇත්තේ එක් එක් නිෂ්පාදනයට අදාලව කලින් තිබූ සහ යාවත්කාලීන කල ශ්‍රී ලංකා ප්‍රමිතීන් හා ඒවාට සමක වන ඇමරිකානු ඛනිජ තෙල් ආයතනයෙන් (American Petroleum Institute – API) හා ජපාන වාහන ප්‍රමිති සංවිධානයෙන් (Japanese Automobile Standards Organization – JASO) ප්‍රකාශයට පත් කර ඇති ප්‍රමිතීන් ය.

 

නිෂ්පාදනය ශ්‍රී ලංකා ප්‍රමිතිය 2021.12.31 දින දක්වා

(API/JASO ප්‍රමිතිය)

2022.01.01 දින සිට ඉදිරියට

( API/JASO ප්‍රමිතිය)

පෙට්‍රල් එන්ජින් ඔයිල් (Gasoline Engine Oil) SLS 1374 API – SJ API – SL
ඩීසල් එන්ජින් ඔයිල් (Diesel Engine Oil) SLS 1373 API – CF API – CH-4
 දෙපහර එන්ජින් ඔයිල් (Two Stroke Engine Oil) SLS 1446 JASO FC JASO FC

තනුකකාරකයක් භාවිතා කර ඇත්නම්, එය ඉහල ජ්වලන අංකයක් හා අඩු ඇරෝමැටික සහිත පෙට්‍රෝලියම් ද්‍රාවකයකට සීමාවේ.

(Use of a diluent, if any, is limited to High Flash Point Low Aromatic (HFLA) solvent)

සිව්පහර එන්ජින් ඔයිල් (Four Stroke Motorcycle Engine Oil) යතුරුපැදි එන්ජින් ඔයිල් (Motorcycle Engine Oil) SLS 1409 JASO MA

API – SG

JASO MA2

API – SL

ස්කූටර් ඔයිල් (Scooter Oil) SLS 1409 JASO MA

API – SG

JASO MB

API – SL

ජියර් ඔයිල් (Gear Oil)

 

SLS 1396 GL – 4 GL – 4

 

 

එම නිසා, ඉහත දක්වා ඇති, වාහන සඳහා භාවිතා වන ලිහිසිතෙල් ආනයනයේදී, නිෂ්පාදනයේදී, සැපයීමේදී, බෙදාහැරීමේදී, වෙළඳාමේදී හා පාවිච්චි කිරීමේදී, සියලුම ආනයනකරුවන්, නිෂ්පාදකයින්, සපයන්නන්, බෙදාහරින්නන්, වෙළඳාම් කරන්නන් හා පාවිච්චි කරන්නන් හට ඉහත දක්වා ඇති අදාල ප්‍රමිතීන්ට අනුකූලතාවය තහවුරුවන අකාරයෙන් කටයුතු කිරීමට උපදෙස් දෙනු ලැබේ.

 

පහත දැක්වෙන රාජ්‍ය ආයතන හා සම්බන්ධ වීමෙන් සහ එම ආයතන වල වෙබ් අඩවි පරීශීලනයෙන් ඔබට වැඩිදුර විස්තර ලබා ගත හැක.

 

 

බලශක්ති අමාත්‍යාංශය

අංක 80, ශ්‍රීමත් අර්නස්ට් ද සිල්වා මාවත,

කොළඹ 07.

දුරකථන: 011 2564355

ෆැක්ස්: 011 2372115

විද්‍යුත් තැපෑල: info@energymin.gov.lk

වෙබ් අඩවිය: energymin.gov.lk

 

ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව

6 වන මට්ටම, BOC වෙළඳ කුළුණ,

අංක 28, ශාන්ත මයිකල් පාර,

කොළඹ 03.

දුරකථන: 011-2392604-8

ෆැක්ස්: 011-2392641

විද්‍යුත් තැපෑල: info@pucsl.gov.lk

වෙබ් අඩවිය: pucsl.gov.lk

 

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය

අංක 17, වික්ටෝරියා පෙදෙස,

ඇල්විටිගල මාවත,

කොළඹ 08.

දුරකථන: 011-2671567-2

ෆැක්ස්: 011-2672617

විද්‍යුත් තැපෑල: slsi@slsi.lk

වෙබ් අඩවිය: www.slsi.lk

 

2021.10.04