දිගුකාලීන විදුලි ජනන සැළැස්ම සැකසීමට අදාල මුලික දත්ත පිළිබද මහජන අදහස් ලබාගැනීම
දිගුකාලීන විදුලි ජනන සැළැස්ම සැකසීමට අදාල මුලික දත්ත පිළිබද මහජන අදහස් ලබාගැනීම

ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව

දිගුකාලීන විදුලි ජනන සැළැස්ම සැකසීමට අදාල මුලික දත්ත පිළිබද මහජන අදහස් ලබාගැනීම

සම්ප්‍රේශණ බලපත්‍රලාභියා වශයෙන් ලංකා විදුලිබල මණ්ඩලය විසින් සකසනු ලබන 2018-2037 දිගුකාලීන විදුලි ජනන සැළැස්ම සදහා පාදක කරගන්නා මුලික දත්ත හා උපකල්පන පිළිබද 2009 අංක 20 දරන ශ්‍රී ලංකා විදුලිබල පනතේ 3 වන වගන්තිය සහ 2002 අංක 35 දරන ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභා පනතේ 17 වන වගන්තිය යටතේ මහජන අදහස් ලබාගැනීමට ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව තීරණය කර තිබේ.

මෙම මුලික දත්ත දිගුකාලීන ජනන සැළැස්ම සකස්කිරීමේදී ඉතා වැදගත් වේ.

ජාතික ප්‍රතිපත්ති ඉලක්කවලට අනුකූලව සහ නිශ්චිත විශ්වසනීයත්වයක් යටතේ විදුලි පාරිභෝගික ඉල්ලුම සපුරාලීම සදහා අවශ්‍යවන බලාගාර සංයෝගය සහ අදාල කාලය සදහා කල යුතු ආයෝජනය ආදීය දිගුකාලීන විදුලි ජනන සැළැස්මට ඇතුළත් වේ.

ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව විසින් අනුමත කරන ලද මාර්ගෝපදේශ අනුව දිගුකාලීන විදුලි ජනන සැළැස්ම සකස්කරනු ලැබේ.

දිගුකාලීන ජනන සැළැස්ම සකස්කිරීමේ පළමු අදියර වන යෙදවුම් දත්ත ලංකා විදුලිබල මණ්ඩලය විසින් සකස්කර කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කර තිබේ. ඒවා නම්
• විශ්වසනීයත්ව නිර්ණායක
• විදුලිය සැපයීය නොහැකි වන විට ඇතිවන පිරිවැය
• වට්ටම් අනුපාතික
• සමාජමය හානි සදහා අදාල වන පිරිවැය
• විදුලි ඉල්ලුම පිළිබද පුරෝකථන
• යෝජිත ජනන තාක්ෂණ, ඒවායේ පිරිවැය සහ කාර්යක්ෂමතා පරාමිති
• ඉන්ධන මිල
• පුනර්ජනනීය තාක්ෂණය සහ ඒවායේ පිරිවැය පරාමිති
• විශ්ලේෂණ සදහා පාදක කරගත් විවිධ අවස්ථා

අතර එම යෙදවුම් දත්ත පිළිබද අදහස් හා යෝජනා ඉදිරිපත් කරන ලෙස සියළු පාර්ශ්වයන්ගෙන් කොමිෂන් සභාව ඉල්ලා සිටී. 2017 මාර්තු මස 15 වන දින දක්වා යෝජනා එවිය හැකිය. ඊමේල්, ෆැක්ස්. තැපෑලෙන් හෝ කොමිෂන් සභා වෙබ් අඩවිය හරහා සජීවිව අදහස් ඉදිරිපත් කළ හැකි වේ.

දිගුකාලීන ජනන සැළැස්ම අනුමතකිරීමේදී එවනු ලබන අදහස් හා යෝජනා සැළකිල්ලට ගනු ලැබේ.

දිගුකාලීන ජනන සැළැස්ම පිළිබද දෙවන අදියරේ අදහස් දැක්වීම 2017 මැයි මාසයේ දී නිවේදනය කරනු ඇත.

මුලික දත්ත දිගුකාලීන ජනන සැළැස්ම 2018-2037

සභාපති
ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව
6 වන මහළ, ලංකා බැංකු වෙළඳ කුළුණ, 28, ශාන්ත මයිකල් පාර, කොළඹ – 03.

දුරකතනය: 011-2392608 ෆැක්ස්: 011-2392641

දිනය 23/02/2017