තනතුරු ඇබෑර්තු-පාරිභෝගික උපදේශන කමිටු සාමාජික තනතුර
තනතුරු ඇබෑර්තු-පාරිභෝගික උපදේශන කමිටු සාමාජික තනතුර

ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව

තනතුරු ඇබෑර්තු

පාරිභෝගික උපදේශන කමිටු සාමාජික තනතුර

Download the Terms of References

(බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත් නියෝජනය සදහා)

ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව මෙරට විදුලිබල කර්මාන්තයේ ආර්ථික, තාක්ෂණික හා ආරක්ෂණ නියාමන ආයතනය වන අතර ජල සැපයුම් සේවා සහ ඛණිජ තෙල් යන කර්මාන්ත සදහා නම්කල නියාමන ආයතනය වේ. නියාමනය වන කර්මන්ත වල පාරිභෝගික අයිතිය ආරක්ෂා කිරීම ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවෙහි ප්‍රමුඛ කාර්යභාරයකි. නිසි ප්‍රමිතීන් සකස්කිරීම, පාරිභෝගික අයිතිවාසිකම් ආරක්ෂාවීම පිළිබද අධීක්ෂණය සහ පාරිභෝගිකයින් දැනුවත්කිරීම සම්බන්ධයෙන් කොමිෂන් සභාවට උපදෙස් ලබාදීම සදහා පාරිභෝගික උපදේශන කමිටුවක් පිහිටුවා ඇත.

පාරිභෝගික උපදේශන කමිටුවේ බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත් නියෝජනය සදහා එක් එක් පළාත සදහා එක් සාමාජිකයෙකුට අවශ්ථාව පවතී. පාරිභෝගික කමිටුවේ සාමාජිකයින් සදහා නිශ්චිත ගෙවීම් නොකරන අතර එම සාමාජිකයින්ගේ නිසි කාර්යයන් සදහා සාධාරණ ගෙවීම් කරනු ලැබේ.

අයදුම්කරුවන් පහත සදහන් සුදුසුකම් සපුරාලිය යුතුයි

  • බස්නාහිර, මධ්‍යම සහ සබරගමුව යන දිස්ත්‍රික්කවල ස්ථිර පදිංචිකරුවෙක් විය යුතුය.
  • විශේෂයෙන්ම පාරිභෝගික ආරක්ෂණයට අදාලව ප්‍රජා/සමාජ සේවා කටයුතු පිළිබද උනන්දුව
  • සිංහල හෝ දෙමල භාෂාවට අමතරව ඉංග්‍රීසි භාෂාවෙන් කටයුතු කිරීමේ හැකියාව අමතර සුදුසුකමක් වනු ඇත.

අයදුම්පත සමග ඉදිරිපත්කළ යුතු අනෙකුත් ලියකියවිලි

  • පාරිභෝගික/සමාජ සේවා ක්‍රියාකාරි අත්දැකීම්
  • මෙරට පාරිභෝගික ආරක්ෂණවාදය සම්බන්ධයෙන් වඩන 500කට නොඅඩු රචනාවක්
  • පදිංචිය පිළිබද ග්‍රාම නිළධාරි සහතිකය
  • ප්‍රදේශයේ සිවිල් සමාජ නායකයෙකු විසින් නිකුත් කරන ලද චරිත සහතිකයක්

පාරිභෝගික උපදේශන කමිටුව එහි සාමාජිකයින්ට බලපාන කොන්දේසි ආදි තොරතුරු කොමිෂන් සභාවේ වෙබ් අඩවියට (www.pucsl.gov.lk) පිවිස හෝ 011 2 3 9 2607 දුරකතනය ඔස්සේ පාරිභෝගික කටයුතු අංශය ඇමතීමෙන් ලබාගත ලබාගත හැකිය.

අයදුම්පත මෙම නිවේදනයේ සිට දින 14ක් තුලදී ඉදිරිපත් කළ යුතු වේ.

සභාපති
ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව

6 වන මහළ, ලංකා බැංකු වෙළඳ කුළුණ, 28, ශාන්ත මයිකල් පාර, කොළඹ – 03.
දුරකතනය: 011-2392608 ෆැක්ස්: 011-2392641/h5>
ඊමේල්: licensing@pucsl.gov.lk වෙබ්අඩවිය: www.pucsl.gov.lk

දිනය: 2016 සැප්තැම්බර් 07