ටෙන්ඩර් දැන්වීමයි- වාර්ෂික වාර්ථාව 2018 සහ ක්‍රියාකාරී සැලැස්ම 2020 නිර්මාණය කිරීම, මුද්‍රණය කිරීම හා සැපයීම
ටෙන්ඩර් දැන්වීමයි- වාර්ෂික වාර්ථාව 2018 සහ ක්‍රියාකාරී සැලැස්ම 2020 නිර්මාණය කිරීම, මුද්‍රණය කිරීම හා සැපයීම

ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව පහත සඳහන් කටයුතු සඳහා වෙන් වෙන් වශයෙන් මිල ගණන් කැඳවනු ලැබේ.

ලංසු 01: වාර්ෂික වාර්ථාව 2018 – නිර්මාණය කිරීම, මුද්‍රණය සහ සැපයීම

ලංසු 02: ක්‍රියාකාරී සැලැස්ම 2020 – නිර්මාණය කිරීම, මුද්‍රණය කිරීම හා සැපයීම (පිරිවිතරය ලබාගන්න )

මුද්‍රා තැබූ ලංසු සමග පහත සඳහන් ලියවිලිද ඉදිරිපත් කලයුතු වේ.

  • ඇමුණුම් 01 ට අනුව සම්පූර්ණ කරන ලද අනුකූලතා පත්‍රිකාව (pucsl.gov.lk) වෙබ් අඩවියෙන් බාගත කල හැකිය)
  • බදු සහිත මිල හා බදු රහිත මිල වෙන් වෙන් වශයෙන්

 

ලංසු 1ට සහ ලංසු 2ට වෙන් වෙන් වශයෙන් මිල ගණන් කැඳවනු ලැබේ. මුද්‍රා තබන ලද ලංසු වෙන් වෙන් වශයෙන් ලියුම් කවර වල බහා ලියුම් කවරයේ ඉහල වම් කෙලවරේ ලංසුවේ නම සහ අංකය සඳහන් කර 2019 ඔක්තෝම්බර් 22 වන දින ප.ව. 2.30ට පෙර සභාපති, ප්‍රසම්පාදන කමිටුව, ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව, 6 වන මහල, ලංකා බැංකු වෙළද කුළුණ, අංක 28, සාන්ත මයිකල් පාර, කොළඹ 3 යන ලිපිනයට එවිය යුතුය. 2019 ඔක්තෝම්බර් 22 ප.ව.2.30න් පසු ලැබෙන ලංසු භාරගනු නොලැබේ. ලංසු කැඳවීම අවසන් වූ වහාම ලංසු විවෘත කරනු ලැබේ.

ටෙන්ඩර් පත්‍රිකාව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභා වෙබ් අඩවියෙන් (www.pucsl.gov.lk) හෝ පහත ලිපිනයෙන් 2019 ඔක්තෝම්බර් 22 වන දින දක්වා පෙ.ව. 8.30 සිට ප.ව. 4.00 දක්වා (සතියේ දිනවල) ලබාගත හැක.

ලංසු කරුවන්ට හෝ ඔවුන්ගේ බලයලත් නියෝජිතයන්ට ටෙන්ඩර් විවෘත කිරීමට ආරාධනා කරන අතර ප්‍රසම්පාදන කමිටුවේ තීරණය අවසාන තීරණය වේ.

වැඩිදුර තොරතුරු 076-8889645, 011 2392608/07 ඇමතීමෙන් හෝ හෝ විද්‍යුත් තැපෑල sashinia@pucsl.gov.lk වෙත යොමුකිරීමෙන් ලබාගත හැක.

 

සභාපති

ප්‍රසම්පාදන කමිටුව

ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව

6 වන මහල, ලංකා බැංකු වෙළද කුළුණ,

අංක 28, සාන්ත මයිකල් පාර,

කොළඹ 3.

දුරකතනය: 011-2392608/7       

 ෆැක්ස්: 011-2392641