ජල සේවා කර්මාන්තය පිළිබද මහජන උපදේශනය
ජල සේවා කර්මාන්තය පිළිබද මහජන උපදේශනය

 

උපදේශන පත්‍රිකාව ලබාගන්න

  ජල සේවා කර්මාන්තය සංවර්ධනය සදහා ප්‍රතිපත්ති නිර්දේශයක් සකස්කිරීමේ අරමුණින් සියළු පළාත් ආවරණය වන පරිදි මහජන අදහස් ලබාගැනීමට ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව පනතෙහි 17 වන වගන්තිය ප්‍රකාරව මහජන උපදේශනයක් පැවත්වීමට ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව පියවර ගෙන තිබේ.

ජල සේවා කර්මාන්තය සම්බන්ධයෙන් මහජනතාවට ඝෘජුව සිය අදහස් හා යෝජනා ඉදිරිපත් කරන ලෙස ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව ආරාධනා කර සිටී. එම අදහස් හා යෝජනා ඉදිරිපත් කිරීමේදී අදාල සාක්ෂි සහිතව ඉදිරිපත් කරන කරන ලෙස මෙම මහජන උපදේශනයට සහභාගි වන පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටිනු ලැබේ.

මහජන උපදේශන කාල සටහන(රජය විසින් පනවනු ලබන සෞඛය නියෝග වලට යටත්ව සංශෝධනය විය හැකිය)

පළාත පවත්වන ස්ථානය පැවැත්වීමට අපේක්ෂිත දිනය ලිඛිත අදහස් හා යෝජනා ඉදිරිපත් කල හැකි අවසාන දිනය
වයඹ පළාත කුරුණෑගල 2020.08.27      2020.08.21
දකුණු පළාත ගාල්ල 2020.09.24 2020.09.18
මධ්‍යම පළාත මහනුවර 2020.10.22 2020.10.15
නැගෙනහිර පළාත ත්‍රිකුණාමලය 2020.10.23 2020.10.15
උතුරු මැද පළාත අනුරාධපුර 2020.11.19 2020.11.13
උතුරු පළාත යාපනය 2020.11.20 2020.11.13
ඌව පළාත  බදුල්ල 2020.12.17 2020.12.13
සබරගමුව පළාත රත්නපුරය 2020.12.18 2020.12.11
බස්නාහිර පළාත කොළඹ 2021.01.21 2021.01.15

ජල සේවා කර්මාන්තය යටතේ පානීය ජල හා ජලාපවහන කටයුතු ඇතුළත් වන අතර බෝතල් කළ පානීය ජලය හා වාරි ජලය ඇතුළත් නොවේ. ජල සේවා අවශ්‍යතා ඉටුකර ගැනීමේදී මුහුණ දෙන ගැටළු ආශ්‍රයෙන්, කොමිෂන් සභාව විසින් සකස් කර ඉදිරිපත් කර ඇති උපදේශන පත්‍රිකාවේ අඩංගු කරුණු ද සැලකිල්ලට ගෙන, ඔබගේ ඉදිරිපත් කිරීම සකස් කර ගත යුතුය. ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ වෙබ් අඩවියට පිවිස(www.pucsl.gov.lk)  උපදේශන පත්‍රිකාව ලබාගත හැකිය.  ලිඛිත අදහස් ඉදිරිපත්කිරීමේදී සම්බන්ධ කර ගත හැකි දුරකථන අංකයද සඳහන් කරන ලෙස ඉල්ලා සිටිමු.

ඉහත කාල සටහනෙහි සදහන් අවසන් දිනයන්ට පෙර ඒ ඒ පළාත්වල මහජන උපදේන සදහා ලිඛිත අදහස් හා යෝජනා ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව වෙත එවිය යුතු වේ.

තෑපලෙන් අදහස් එවීමේදී පහත ලිපිනයට එවන්න

ජල කර්මාන්තය පිළිබඳ මහජන උපදේශනය

ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව

06 වන මහළ, ලංකා බැංකු වෙළඳ කුළුණ

නො.28, ශාන්ත මයිකල් පාර

කොළඹ 03.

ඔන්ලයින් ක්‍රමයට අදහස් ඉදිරිපත් කිරීම සදහා www.pucsl.gov.lk වෙත

හෝ www.facebook.com/pucsl වෙත පිවිසෙන්න.

පහත සදහන් ඊමේල් හා ෆැක්ස් අංක ඔස්සේද අදහස් ඉදිරිපත් කළ හැකි ය. consultation@pucsl.gov.lk

ෆැක්ස් අංකය: +94-112392641

වැඩිදුර තොරතුරු දැනගැනීම සදහා  ශාන්ත ජයසිංහ මහතා 0772304135 / 011 2392607/8, හෝ රංජිත් බාලසූරිය මහතා 0777515989 අමතන්න

 

දිනය: 2020.07.03