ඇදිරි නීති කාලය තුල විදුලි හා ජල පාරිභෝගිකයින්ගේ අත්‍යවශ්‍ය ජල හා විදුලි නඩත්තු සේවා සැපයීම
ඇදිරි නීති කාලය තුල විදුලි හා ජල පාරිභෝගිකයින්ගේ අත්‍යවශ්‍ය ජල හා විදුලි නඩත්තු සේවා සැපයීම

ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව

ඇදිරි නීති කාලය තුලදී පාරිභෝගිකයින්ට අඛණ්ඩ විදුලි හා ජල සේවාවක් සැපයීම සදහා පාරිභෝගික පරිශ්‍ර තුල සිදුවන බිදවැටීම් හා දෝෂ පිළිසකර කිරීම සදහා විශේෂ කාර්මික සේවාවක් ලබාදීමට ශ්‍රී ලංකා පොලිසිය, ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය (ජල සම්පාදන), ලංකා විදුලි බල මණ්ඩලය(ලංවිම), ලංකා විදුලි පුද්ගලික සමාගම (ලෙකො) හා ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව(PUCSL) ඒකාබද්ධ වැඩසටහනක් ක්‍රියාවට නගා ඇත.

ඒ යටතේ විදුලි හා ජල පාරිභෝගිකයින්ට 1939 (ජල සම්පාදන), 1987(ලංවිම), 1910 (ලෙකො) හෝ 0764271030 (PUCSL) සිය අභ්‍යන්තර ජල හා විදුලි සැපයුම් පද්ධතියේ අත්‍යවශ්‍ය අලුත්වැඩියා සම්බන්ධයෙන් කාර්මික සහාය ඉල්ලා සිටිය හැකි ය. එසේ පැමිණිලි කරන පාරිභෝගිකයින්ට කාර්මිකයෙකුගේ සහාය ලබා දේ. ඒ සදහා නිර්දේශ කරනු ලබන කාර්මිකයාට අදාල ගාස්තුව පාරිභෝගිකයා විසින් ගෙවිය යුතු ය. එම කාර්මිකයාට නඩත්තු කටයුත්ත සදහා අවශ්‍ය වන තාවකාලික ඇදිරි නීති බලපත්‍රයක් නිකුත් කිරීමට ද ක්‍රමවේදයක් සකසා ඇත. මෙම අත්‍යවශ්‍ය සේවාව සදහා විදුලි හා ජල කාර්මික ශිල්පී දත්ත ගොනුවක් ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව විසින් පවත්වාගෙන යනු ලැබේ. ඇදිරි නීති කාලය තුලදී ජල හා විදුලි පාරිභෝගිකයින්ගේ අත්‍යවශ්‍ය නඩත්තු සදහා ඉදිරිපත් වීමට උනන්දුවක් දක්වන ජල හා විදුලිකාර්මිකයින්ට ඒ සදහා ලියාපදිංචි වන ලෙස ඉල්ලා සිටිනු ලැබේ. පහත සදහන් විස්තර ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ ෆේස්බුක් පිටුවට www.facebook/pucsl  පණිවිඩයක් ලෙස එවන්න. නැතහොත් info@pucsl.gov.lk ඔස්සේ ඊමේල් කරන්න.

කාර්මිකයින් එවිය යුතු තොරතුරු

  1. නම
  2. ලිපිනය
  3. දුරකථන අංකය
  4. පොලිස් කොට්ඨාශය
  5. ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය
  6. ග්‍රාමසේවා කොට්ඨාශය
  7. ජාතික හැඳුනුම්පත් අංකය
  8. රැකියාවට යනෙන වාහනයක් වෙතොත් එහි ලියාපදිංචි අංකය
  9. එම වාහනය (උදා : යතුරු පැදිය )
  10. දිස්ත්‍රික්කය

වැඩිදුර තොරතුරු සඳහා අමතන්න 0764271030