කොමිෂමේ කාර්යය

ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව, 2002 අංක 35 දරන ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභා පනත මගින් මෙරට විදුලි බල කර්මාන්තය සහ වේවිධ උපයෝගිතාවන් නියාමනය සඳහා පිහිටුවන ලදී.

කොමිෂමේ කාර්යය

ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව (PUCSL) භෞතික යටිතලපහසුකම් කර්මාන්තයන් නියාමනය කිරීම සඳහා බහු ආංශික නියාමන ආයතනයක් ලෙස පිහිටුවන ලදි. 2002 දී පාර්ලිමේන්තුවේ සම්මත කරන ලද ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභා පනත මඟින් විදුලිබල සහ ජල සේවා කර්මාන්ත සම්බන්ධයෙන් නියාමනය සිදු කිරීම සඳහා විධිවිධාන සපයන ලදි. 2006 මාර්තු මාසයේදී ඛණිජ තෙල් කර්මාන්තයද ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව මඟින් නියාමනය කළ යුතු කර්මාන්ත ලැයිස්තුවට එකතු කරන ලදි.

විදුලිබල කර්මාන්තයේ ප්‍රමාණවත් ආයෝජනයක්, කාර්යක්ෂම සැපයුමක්, සහ ගුණාත්මක සේවා තත්වයක් සහතික කිරීමේ අරමුණින්, ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව විදුලිබලය උත්පාදනය, සම්ප්‍රේෂණය, බෙදාහැරීම, සැපයුම සහ භාවිතය නියාමනය කරයි.

ඉහත දැක්වු යටිතලපහසුකම් කර්මාන්තයන් නියාමනය කිරීම සඳහා බහු ආංශික නියාමන ආයතනයක් ලෙස 2002 අංක 35 දරන පනත මඟින් ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව (PUCSL) පිහිටුවන ලදි. එහි පළමු කොමසාරිස්වරුන් කණ්ඩායම සහ අධ්‍යක්ෂ ජනරාල්වරයා පත් කිරීමත් සමගම 2003 වර්ෂයේ සිට ආයතනයක් වශයෙන් සිය කටයුතු ආරම්භ කරන ලදී..