පාර්ශවකරුවන්

ශ්‍රි ලංකාව තුල විදුලි බල කර්මාන්තයේ ප්‍රගමනයට දායකවන පාර්ශව කරුවන් කිහිපයකි. ඉන් පාරිභෝගිකයා ප්‍රධානතම පාර්ශව කරුවා වේ.

විදුලි පාරිභෝගිකයා

පාරිභෝගිකයා නියාමන කර්තව්‍යයේ ප්‍රධානතම පාර්ශවකරු වෙයි. ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව විදුලි පාරිභෝගිකයන්ගේ අයිතීන් සුරැකීමට සහ සේවයේ ගුණාත්මකබව ඉහල නැන්වීමට නොනවත්වා ක්‍රියා කරනු ලබයි. මේ සඳහා බලපත්‍රලාභීන් සමඟ කෙරෙන නිරන්තර සංවාදය ඉතා වැදගත්ය.
විදුලි පාරිභෝගික අයිතිවාසිකම් වෙනුවෙන් විදුලි පාරිභෝගික අයිතිවාසිකම් සහ වගකීම් කේතය හඳුන්වා දී ඇත.
විදුලි පාර්භෝගික පැමිනිලි නිරාකරනය, ගැටළු සමතකරන ක්‍රියාමාර්ග පාරිභෝගිකයන් වෙනුවෙන් කොමිෂම ගන්න ක්‍රියාමාර්ග වේ.