ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව සඳහා නව වෙබ් අඩවියක් සංවර්ධනය කිරීමේ සේවාව ප්‍රසම්පාදනය කිරීම
ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව සඳහා නව වෙබ් අඩවියක් සංවර්ධනය කිරීමේ සේවාව ප්‍රසම්පාදනය කිරීම

ටෙන්ඩර් දැන්වීම

ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව සඳහා නව වෙබ් අඩවියක් සංවර්ධනය කිරීම සඳහා සුදුසුකම්ලත් හා අදාළ සුදුසුකම් සපුරා ඇති සේවා සපයන්නන්ගෙන් මුද්‍රා තැබූ ලංසු ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව විසින් කැඳවනු ලැබේ.

ලංසුකරුවන් විසින් ලංසු ලේඛනවල සඳහන් කර ඇති අවශ්‍යතා, පිරිවිතර, නියමයන් සහ කොන්දේසිවලට අනුකූලව සිය ලංසු ඉදිරිපත් කළ යුතුය. අවම අවශ්‍යතා, පිරිවිතර, කොන්දේසි සහ අනෙකුත් අදාළ තොරතුරු ඇතුළත් ලංසු ලේඛන ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ නිල වෙබ් අඩවිය වන www.pucsl.gov.lk වෙතින් බාගත කරගත හැකිය.

පූර්ව ලංසු රැස්වීමක් 2026 සැප්තැම්බර් 17 වන දින පෙ.ව. 10.00 ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභා 17 වන මහලේ ප්‍රධාන රැස්වීම් ශාලාවේදී පැවැත්වේ. ලංසුකරුවන්ට ලංසු ඉදිරිපත් කිරීමේ අවශ්‍යතා සහ පිරිවිතර සම්බන්ධයෙන් පැහැදිලි කිරීම් ලබා ගැනීම සඳහා මෙම රැස්වීමට සහභාගී වන ලෙස දිරිමත් කරනු ලැබේ.

නිසි පරිදි සම්පූර්ණ කරන ලද සහ මුද්‍රා තබන ලද ලංසු ලේඛන තැපෑලෙන් හෝ පහත සඳහන් ලිපිනයේ ඇති ස්ථානයට භාරදීමෙන් 2026 සැප්තැම්බර් 24 දින ප.ව. 2.30 හෝ ඊට පෙර ඉදිරිපත් කළ යුතුය.

ලියුම් කවරයේ ඉහළ වම් කෙළවරේ නව වෙබ් අඩවියක් සංවර්ධනය කිරීමේ සේවාව ප්‍රසම්පාදනය කිරීම යනුවෙන් පැහැදිලිව සඳහන් කළ යුතුය.

වැඩිදුර තොරතුරු හෝ පැහැදිලි කිරීම් සඳහා ප්‍රසම්පාදන අංශය අමතන්න: 011 239 2607 / 011 239 2608 හො procuruce@pucsl.gov.lk වෙත විද්‍යුත් තැපෑලක් එවන්න.

සභාපති
ප්‍රසම්පාදන කමිටුව,
ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව,
6 වන මහල, ලංකා බැංකු වෙළද කුළුණ,
අංක 28, ශාන්ත මයිකල් පාර,
කොළඹ 03.

 

Note: Pre-bid meeting minutes