ප්‍රවෘත්ති නිවේදනය- පසුගිය වසරේ විදුලිසැර වැදීම් මරණ සියයට 50කින් පහලට
බ්‍රහස්පතින්දා, 6 ජූනි 2019 |

පසුගිය වසර 6ක කාලයට තුලදී විදුලි සැර වැදීම් මරණ සංඛ්‍යාව සියයට 50කින් පමණ අඩු වී ඇත. 2012 වසරේදී විදුලි සැර වැදීම් හේතුවෙන් පුද්ගල මරණ 186ක් වාර්තා විය. 2018 වසරේදී විදුලි සැර වැදීම් හේතුවෙන් මිය ගිය සංඛ්‍යාව 89 දක්වා අඩු වී තිබේ. විදුලිබල කර්මාන්තයේ නියාමන ආයතනය වන ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව විදුලිබල ආරක්ෂණය සදහා ගත් පුළුල් නියාමන ක්‍රියාමාර්ග හේතුවෙන් විදුලි සැර වැදීම් මරණ සංඛ්‍යාව අඩුකර ගැනීමට හැකියාව ලැබී ඇත.

කෙසේ වෙතත් ජාත්‍යන්තර ආදර්ශ අනුව ජනගහනයේ අනුපාතයක් ලෙස විදුලි සැර වැදීම් මරණ සිදුවීම දස ලක්ෂයකට එකක් දක්වා අඩු කළ හැකිය.  2012 දී මෙරට දස ලක්ෂයක ජනගහනයට වාර්තාව ුමරණ සංඛ්‍යාව 9ක් වන අතර 2018 දී එය 5ක් දක්වා අඩු වී තිබේ.

2018 දත්ත අනුව වැඩි වශයෙන් විදුලි සැර වැදීම් මරණ වලට ගොදුරු වී ඇත්තේ පිරිමි පාර්ශ්වයයි. එය ප්‍රතිශතයක් ලෙස සියයට 83කි. විදුලි සැර වැදීම් මරණ වැඩි වශයෙන් වාර්තා වී ඇත්තේ දකුණු පලාතෙන් (සියයට 67ක්) වන අතර අඩුම මරණ සංඛ්‍යාව සබරගමුව පලාතෙන් වාර්තා වී ඇත. විදුලි සැර වැදීම් මරණ වලට ප්‍රධාන වශයෙන් බලපෑ හේතුව ලෙස වන සතුන් දඩයමට හා වගා ආරක්ෂාවට අනවසර විදුලි රැහැන් එලීම හදුනා ගෙන ඇත. ඔට අමතරව විදුලි රැහැන් අසල නොසැලකිල්ලෙන් කරන ක්‍රියා හා අනාරක්ෂිත විදුලි රැහැන් පද්ධතිද විදුලි සැර වැදීම් මරණ වලට හේතු වී තිබේ
විදුලිබල ආරක්ෂාව වෙනුවෙන් ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව නව නීති, රෙගුලාසි හා ප්‍රතිපත්ති නිර්දේශ ගණනාවක් පසුගිය වසර කීපය තුලදී හදුන්වාදුන්නේය. විදුලි පේනු සදහා ජාතික ප්‍රතිපත්තියක් ක්‍රියාවට නැගීම, ප්‍රධාන විදුලි රැහැන් සහ ඉදිකිරීම් අතර පැවතිය යුතු ආරක්ෂිත පරතර පිළිබද රෙගුලාසි හදුන්වාදීම සහ විදුලිකාර්මිකයින් සදහා වෘත්තීමය බලපත්‍රයක් හදුන්වාදීමට පියවර ගැනීම ආදිය ඒ අතර ප්‍රධාන වේ.