සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද විදුලි බිල්පත් වලට බලපාන ආකාරය
බදාදා, 26 ඔක්තෝබර් 2022 |

2022 ඔක්තෝබර් 26

ප්‍රවෘත්ති නිවේදනය

සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද විදුලි බිල්පත් වලට බලපාන ආකාරය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවෙන් පැහැදිලි කිරීමක් නිකුත් කර තිබේ. සමාජ ආරක්ෂණ බදු පනතට අනුව ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි සැපයුම සමාජ ආරක්ෂණ දායකත්ව බද්දට යටත් වේ. ඒ අනුව ලංකා විදුලි බල මණ්ඩලයෙන් විදුලිය ලබාගන්නා පාර්ශ්වයන්ගේ විදුලිය මිලදී ගැනීම මත එම බද්ද 2022 ඔක්තෝබර් මස 01 වැනිදා සිට අයකිරීමට ලංකා විදුලි බල මණ්ඩලය කටයුතු කරනු ඇත.

ජනක රත්නායක
සභාපති