අපරික්ෂාකාරී විදුලි පරිහරනය මරු කැඳවයි.
බ්‍රහස්පතින්දා, 16 නොවැම්බර් 2017 |

අපරික්ෂාකාරී විදුලි පරිහරනය මරු කැඳවයි.

ශ්‍රි ලංකාව තුල වාර්තාවන වර්තමාන ජනගහනය මිලියන් 20කි. ලංකා විදුලිබල මණ්ඩලය පවසන ආකාරයට ශ්‍රී ලංකාවේ ජනගහනයේන් 97% කට විදුලි සම්බන්ධාතාවක් ලබාගැනීමට පහසුකම් සලසා ඇති බවයි.

මෙම තත්ත්වය සුභදායී වුවත් මේ තුල විදුලි පාරීභෝගික ඔබ සැළකිලිමත්විය යුතු වැදගත්ම කාරනයනම් විදුලියේ වූ අන්තරාකාරීබව නොදැන අපරික්ෂාකාරීව විදුලිය පරිහරනය ඉතා භයානක බවයි.  

ඔස්ට්‍රේලියාව වැනි දියුණු රටක වසරකට සිදුවන විදුලි මරන ප්‍රමාණය 20කි. තවද ඉංදියාව වැනි දියුණු වෙමින් පවතින රටක වසරකට සිඳුවන විදුලි මරන ප්‍රමාණය 10,000 කට ආසන්න ප්‍රමාණයක් වේ. ශ්‍රී ලංකාවතුල වසරකට සිදුවන විදුලි මරණ ප්‍රමානය 100 කට ආසන්න වේ. සංවර්ධිත රටක් හා සසඳනවිට ශ්‍රී ලංකාව තුල සිඳුවන විදුලි මරන ප්‍රමානය ඉහළ අගයක් ගනී.

ශ්‍රී ලංකාවේ 2008 වසරේ සිට 2017 දක්වා වාර්ෂිකව වාර්තාවූ විදුලි මරණ ප්‍රමාණයන් පහත පරිදි වේ.

 

ශ්‍රී ලංකාවතුල විදුලි මරන සිදුවන ප්‍රධාන හේතූන් මොනවාද? මෙ 2017 වර්ශය විදුලි මරන පිළිබඳව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ වාර්තාවේ න් උපුටා ගන්නා ලද දත්ත වේ.

 

  • නීතිවිරෝධීලෙස විදුලිය ඇදීම්
    1. 1A- නීති විරෝධී ලෙස (හොරෙන්) විදුලි රැහැන් මගින් විදුලිය ලබාගැනීම
    2. 1C- සතුන් දඩයම් කිරීමට, වගා ආරක්ෂා කිරීමට අදින අනාරක්ෂිත නීතිවිරෝධී විදුලි රැහැන් හේතුවෙන්

 

  • අනාරක්ෂිත පරිසරයක වැඩකිරීම
    1. 2A- පළුදුවූ, කැඩුනු විදුලි උපකරන භාවිතය
    2. 2B- නිවසින් පිටතට අනාරක්ෂිත ලෙස අදින ලද විදුලි රැහැන්
    3. 2C- බිම පතිතවී ඇති විදුලි රැහැන් ඇල්ලීම
    4. 2D- ගොඩනැඟිලි රැහැන් (වයරින්) කිරීමේදී ප්‍රමිතියකින් තොරව අනාරක්ෂිත ලෙස සිඳු කිරීම

 

  • අත්වැරදීම් සහ නොසැලිකිලිමත්කම නිසා සිදුවූ අනතුරු
    1. 3A- විදුලි රැහැන් ආශ්‍රිතව ක්‍රියාකාරකම්
    2. නිවසේ සිදුකරනලද කුඩා ප්‍රමානයේ අළුත්වැඩියා කටයුතු
    3. විදුලි උපකරණ සම්බන්ධකිරීමෙදී සහ විසංධිකිරීම්

 

  • සේවා සපයන ආයතන මඟින් ආරක්ෂණ ක්‍රියාපටිපාටි නිසි පරිදි අනුගමනය කර නොතිබීම

 

 

 

 

 

 

ශ්‍රි ලංකාවතුල සිඳුවන විදුලි මරන ප්‍රමාණය ඉහල යාමට හේතු මොනවාද? ශ්‍රී ලංකාව තුල විදුලි බල කර්මාන්තය නියාමන ආයතනය වන ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ පරීක්ෂන අංශයේ අධ්‍යක්ෂ නිලන්ත සපුමානගේ මහතාගේ අදහස්

ශ්‍රී ලංකාවතුල සිදුවන විදුලි මරණවලට ප්‍රධානම හේතු කිහිපයක් තියෙනවා. එයින් ප්‍රධානතම හේතුව නිවසේ විදුලි පද්ධතියේ වැදගත්ම අංගය වන ට්‍රිප් ස්විචය නොමැති වීමයි.

අප සිදුකල සමීක්ෂණ හා නිරීක්ෂණ අනුව වසරකට සිදුවන විදුලි මරන වලින් 50% කින් අඩුකර ගැනීමට නිසිපරිදි ක්‍රියාකරන ට්‍රිප් ස්විචයකට හැකියාව තියෙනව.

ගොඩක් නිවාසවල ට්‍රිප් ස්විච්ය පද්ධතියට සවිකර නැහැ. සමහර නිවාසවල සවිකල ට්‍රිප් ස්විචය අකර්මන්‍ය වෙලා තවත් ප්‍රධානම හේතුවක් තමයි නිවැරදි මිලි ඇම්පියර් 30 සංවේදීතාවක් නොවන ඊට වැඩි සංවේදීතාවක් ඇති ගෘහස්ථ පරිපතයකට නොසුදුසු ට්‍රිප් ස්විචයක් සවිකිරීමයි.

ඒ වගේම සතුන් දඩ්යමට සහ වගා ආර්ක්ෂාකිරීමට විදුලිය ඇදීමත් තව ප්‍රධාන් හේතුවක්. මෙය නිතී විරෝධී. මෙවැන්නක් ඔබ දුටුවහොත් වහාම ලඟම ඇති පොලිසියට දැනුම් දෙන්න.

තවත ඔබේ නිවස විදුලි අනතුරින් තොර සුරක්ෂිත පරිසරයක් ගොඩනැගීමට ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව පහත ක්‍රියාමාර්ග ගෙන ඇත.

  1. විදුලි පේනු සහ කෙවෙනි සඳහා ජාතික ප්‍රමිතියක් ක්‍රියාවට නැංවීම
  2. විදුලි කාර්මිකයන් බලපත්‍රකරන යාන්ත්‍රණය හඳුන්වාදීම
  3. විදුලිබල සේවා සපයන ආයතනවල සේවකයන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට ආරක්ෂණ සහ තාක්ෂණ කලමනාකරන සැළැස්මක් හඳුන්වාදීම