NSO විසින් ඉදිරිපත් කරන ලද පිරිවැය දත්ත අනුව 2026 අවසන් කාර්තුවේදී විදුලිය සැපයීම සදහා වන පිරිවැය ඉහල යාම සියයට 2.88ක් බව කොමිෂන් සභාව නිරීක්ෂණය කරන ලදී. තවද 2026 නොවැම්බර් 9 වැනි දින NSO විසින් නැවත යාවත්කාලීන කල පිරිවැය දත්ත ඉදිරිපත්කරන ලදී. එම නවතම දත්ත සහ මහජන උපදේශශනයේදී ඉදිරිපත් වු අදහස් හා යෝජනා සැලකිල්ලට ගෙන කොමිෂන් සභාව විසින් අවසන් කාර්තුව සදහා විදුලි ගාස්තු සංශෝධනයක් අවශ්‍ය නොවන බවත් තෙවන කාර්තුවේ පැවති ගාස්තු ක්‍රමය මෙම කාර්තුව තුලදී ද බලාත්මක වන බවට තීරණය කර තිබේ.
2024 අංක 36 දරන ශ්‍රී ලංකා විදුලි බල පනතේ 29 වන වගන්තියට අනුව ඉදිරි කාලයක් සදහා විදුලිය සැපයීමට අදාල ඇස්තමේන්තුගත පිරිවැය දත්ත ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සමාලෝචනය සදහා ඉදිරිපත් කිරීමේ වගකීම NSO වෙත පැවරී තිබේ. එම පිරිවැය දත්ත සමාලෝචනය කර මහජන අදහස් ද ලබාගෙන විදුලි ගාස්තු තීරණය කිරීමේ බලය පැවරී ඇත්තේ ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව වෙතය. 2026 අවසන් කාර්තුව සදහා NSO විසින් 2026 අගෝස්තු 17 දිනට පෙර ඉදිරිපත් කළ යුතුව තිබුණි. එහෙත් එම පිරිවැය දත්ත කොමිෂන් සභාව වෙත ඉදිරිපත්කර තිබුණේ 2026 ඔක්තෝබර් 6 වැනි දිනය. එම පිරිවැය දත්ත අනුව සියයට 2.88ක විදුලි ගාස්තු ඉහලයාමක් පෙන්නුම් කර තිබිණ. කෙසේවෙතත් මහජන උපදේශනයේදී ඉදිරිපත් වු යෝජනා ද සැළකිල්ලට ගෙන 2026 වසරේ අවසන් කාර්තුව සදහා විදුලිගාස්තු සංශෝධනයක් නොකිරීමට ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව විසින් තීරණය කරන ලදී.
විදුලිගාස්තු තීරණය කිරීමේදී 2002 අංක 35 දරන ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව පනතේ 17 වන වගන්තිය හා 2024 අංක 36 දරන ශ්‍රී ලංකා විදුලිබල පනතේ 29 වන වගන්තිය අනුව මහජන උපදේශනයක් පැවත්වීම නීතිමය අවශ්‍යතාවයකි. 2026 අවසන් කාර්තුව සදහා ඉදිරිපත් වු පිරිවැය දත්ත සම්බන්ධයෙන් පැවත්වු මහජන උපදේශනයේදී අපේක්ෂා කලේ NSO විසින් ඉදිරිපත් කර තිබු පිරිවැය දත්තවලට අදාලව පහත සදහන් කරුණු සම්බන්ධයෙන් පාර්ශ්වකරුවන්ගේ අදහස් ලබාගැනීමයි.
ඉහත කරුණු සම්බන්ධයෙන් පාර්ශ්වකරුවන් ඉදිරිපත් කල කරුණු ද සළකා බැලීමෙන් අනතුරුව විදුලිගාස්තු සංශෝධනය නොකිරීමට කොමිෂන් සභාව විසින් තීරණය කරන ලදී.
වැඩිදුර තොරතුරු සදහා ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ ආයතනික සන්නිවේදන අංශයේ අධ්යක්ෂ ජයනාත් හේරත් (0772943193) අමතන්න