
ශ්‍රී ලංකාවේ විදුලි බල කර්මාන්තය ප්‍රධාන අංශ හතරකින් යුක්ත වේ.
ලංකා විදුලිබල මණ්ඩලය(CEB), 1969 අංක 17 දරන ලංකා විදුලිබල මණ්ඩල පනත මගීන් ස්ථාපිත කර ඇති අතර ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව නිකුත්කල බලපත්‍රයක් හරහා ක්‍රියාත්මක වේ.
ලංවිම සතුව එක් විදුලි ජනන බලපත්‍රයක්, එක් විදුලි සම්ප්‍රේශන සහ “බල්ක් සප්ල්යි” බල පත්‍රයක් සහ විදුලි බෙදාහැරීමේ සහ සැපයීමේ බලපත්‍ර 4ක් ඇත.
විදුලි බෙදාහැරීමේ සහ සැපයීමේ බලපත්‍ර 4ක් ලංවිම සතුවීමට හේතුව
බහුතරයක් විදුලිය ජනනයට, විදුලිය සම්ප්‍රේශනයේ එකාදිකාරීත්වය සහ බහුතරයක් විදුලි බෙදා හැරීමේ බලය ලංවිම සතුය.
ලංකා විදුලි පුද්ගලික සමාගම
ලංකා විදුලි පුද්ගලික සමාගම , ලංකාවිදුලි බල මංඩලයේ අනුබද්ධිත සමාගමකි. 1983 ලංකා විදුලි පුද්ගලික සමාගම පිහිටවූයේ අතීතයේ පළාත් පාලන ආයතන මගින් විදුලිය බෙදාහැරීම සහ සැපයීම කල ප්‍රදේශ වලට විදුලිය සැපයීමටය. ලෙකෝ සතුව එක් විදුලිය බෙදාහැරීමේ සහ සැප්යීමේ බලපත්‍රයක් ඇත
2003 වර්ශයේ ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව පිහිටුවන්නේ 2002 අංක 9 දර්නා ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභා පනත මගින්. එමගින් කොමිෂමට විදුලි කර්මාන්තයේ නියාමන වගකීම පැවරිනි
ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ නියාමන ක්‍රියමාර්ග
ශ්‍රී ලංකාවේ විදුලි බල ක්ශේත්‍රය සිරස් අන්තර්ග්‍රහන මොඩලය ඔස්සේ ක්‍රියාත්මක වේ පවතී. එනම් විදුලිය සම්ප්‍රේශනය සඳහා ඒකාදික්කාරී බලය පවතින එකම බලපත්‍ර ලාභියාවන ලංවිම විදුලි ජනන බලාගාරවලින් විදුලිය මිලදීගෙන විදුලිය බෙදාහැරීමේ බලපත්‍රලාභීන්ට අලවි කරනු ලබයි.