පාරිභෝගික උපදේශන කමිටුව
ශ්‍රී ලංකා මහජන උපයෝගිතා පනතෙහි 29 වන වගන්තියට අනුව පාරිභෝගික උපදේශන කමිටුව ස්ථාපිත කර ඇත. විශේෂයෙන්ම ගෘහස්ත පාරිභෝගික අයිතිය වෙනුවෙන් පෙනීසිටීම මෙහි අරමුණු අතර වේ.

ශ්‍රී ලංකා මහජන උපයෝගිතා පනතෙහි 29 වන වගන්තියට අනුව පාරිභෝගික උපදේශන කමිටුව ස්ථාපිත කර ඇත. විශේෂයෙන්ම ගෘහස්ත පාරිභෝගික අයිතිය වෙනුවෙන් පෙනීසිටීම මෙහි අරමුණු අතර වේ.
ශ්‍රී ලංකාවේ ප්‍රධාන පලාත් නවය නියෝජනය කරමින් පාරිභෝගික ක්‍රියා කාරීන්ගෙන් සැදුම්ලත් කමිටුවකි. මෙම පාරිභෝගික උපදේශන කමිටුව පිහිටවනු ලබන්නේ පාරිභෝගික උපදේශන කමිටුව සදහා වු රෙගුලාසිය මගිනි.
සාමාජිකයින් පහළොස්දෙනකුගෙන් සමන්විත වේ. ඔවුන් විවිධ පාරිභෝගික කණ්ඩායම් නියෝජනය වන පරිදි තෝරාගෙන ඇත.
ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභා පනතේ 29(3) වන වගන්තියෙහි මෙම ක්‍රියාකාරකම් දක්වා ඇත.
පාරිභෝගික උපදේශන කමිටුවට පැවරෙන තවත් වැදගත් කාර්යයක් වනුයේ නියාමනයට යටත් කර්මාන්තවලට අදාළ තීරණ සම්බන්ධයෙන් මහජන අදහස් ලබාගැනීමයි. එම උපදේශන පළාත් මට්ටමින් සිදුකිරීමට පුළුවන.