2027-2031 ක්‍රමෝපාය (ක්‍රියාකාරකම්) සැළැස්ම පිළිබද මහජන උපදේශනය
2027-2031 ක්‍රමෝපාය (ක්‍රියාකාරකම්) සැළැස්ම පිළිබද මහජන උපදේශනය

බලය පවරනු ලැබු උපයෝගිතා කර්මාන්ත නියාමනය සදහා 2002 අංක 35 දරන ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභා පනත මගින් ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව ස්ථාපිත කර තිබේ.

එක් එක් මුල්‍ය වර්ෂයක් තුල ක්‍රියාත්මක කිරීමට යෝජනා කෙරෙන ක්‍රියාකාරකම් 2002 අංක 35 දරන ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභා පනතේ 37 වගන්තිය ප්‍රකාරව සකස්කරනු ලැබේ. ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව විසින් හදුනාගත් නියාමන, ආයතනික හා මෙහෙයුම් ක්‍රියාකාරකම් මෙම ක්‍රියාකාරිත්ව(ක්‍රමෝපාය) සැලැස්මට ඇතුළත් වේ. 2027 වසර සදහා යෝජිත ක්‍රියාකාරකම් ද ඇතුළුව 2027-2031 ක්‍රමෝපාය සැළැස්ම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභා පනතේ 17 වන වගන්තිය යටතේ මහජන උපදේශනයක් (පාර්ශ්වකරුවන්ගෙන් අදහස් ලබාගැනීමට) ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව තීරණය කර තිබේ.

ඒ අනුව ඉහත කී සැළැස්ම සම්බන්ධයෙන් ලිඛිත අදහස් හා යෝජනා කොමිෂන් සභාව වෙත 2026 දෙසැම්බර් 10 වැනි දිනට පෙර ඉදිරිපත් කරන ලෙස මෙයින් දන්වා සිටිනු ලැබේ. 2027-2031 ක්‍රමෝපාය සැළැස්ම www.pucsl.gov.lk වෙබ් අඩවියට පිවිස ලබාගත හැකිය.

 

ප්‍රතිචාර දැක්විය හැකි ක්‍රම:
තැපෑලෙන් :
“2027 – 2031 උපායමාර්ගික සැලැස්ම පිළිබඳ මහජන උපදේශනය”
ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව,
06 මහල, ලංකා බැංකු වෙලඳ කුළුණ,  අංක 28, ශාන්ත මයිකල් පාර,

කොළඹ 03.

හෝ

විද්‍යුත් තැපෑල: info@pucsl.gov.lk
දුරකථන: (011) 2392607/8

ෆැක්ස්: (011) 2392641

සභාපති

ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව

දිනය: 2026-11-18