Stakeholder Consultation on The Interim Report (2027-2029) of Long Term Power System Development Plan 2027-2046
Stakeholder Consultation on The Interim Report (2027-2029) of Long Term Power System Development Plan 2027-2046

2027 දීර්ඝකාලීන විදුලිබල පද්ධති සංවර්ධන සැළැස්ම පිළිබද මහජන උපදේශනය

 

ජාතික පද්ධති මෙහෙයුම් (පුද්ගලික) සමාගම (NSO) විසින් සකස් කර ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ නිර්දේශ සදහා ඉදිරිපත් කරන ලද 2027-2046 දීර්ඝකාලීන විදුලිබල පද්ධති සංවර්ධන සැළැස්මේ 2027-2029 අන්තර්කාලීන වාර්තාව සම්බන්ධයෙන් මහජන උපදේශනයක් පැවත්වීමට ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාා විසින් තීරණය කර ඇති බව මෙයින් නිවේදනය කර සිටී.

 

ජාතික පද්ධති මෙහෙයුම් (පුද්ගලික) සමාගම විසින් ඉදිරිපත් කරනු ලැබු 2027-2046 දීර්ඝකාලීන විදුලිබල පද්ධති සංවර්ධන සැළැස්මේ අන්තර්කාලීන වාර්තාව (2027-2029) www.pucsl.gov.lk වෙබ් අඩවියෙන් බාගත හැකිය.

 

ලිඛිත අදහස් දැක්වීම් 2026 සැප්තැම්බර් 07 දිනට පෙර පහත සඳහන් ලිපිනයට හෝ පහත දැක්වෙන වෙනත් ක්‍රමවේදයන් හරහා ඉදිරිපත් කළ හැකිය.

  

වාචික අදහස් විමසීම:

දිනය සහ වේලාව: 2026 සැප්තැම්බර් 07 (පෙ.ව. 8.30 සිට ප.ව. 2.00 දක්වා)

ස්ථානය: බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාව (BMICH),

බෞද්ධාලෝක මාවත, කොළඹ 7

 

සහභාගීත්වය සඳහා හෝ වැඩිදුර තොරතුරු සඳහා 0772943193 ඔස්සේ ජයනාත් හේරත් මහතා

සම්බන්ධ කරගන්න.

 

සභාපති

ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව,

06 වන මහල, ලංකා බැංකු වෙළද කුලුන,

නො. 28, ශාන්ත මයිකල් පාර,

කොළඹ 03.

 

ෆැක්ස්: (011)2392641

දුරකථන: (011)2392607/8

විද්‍යුත් තැපෑල: consultation@pucsl.gov.lk

වෙබ් අඩවිය: www.pucsl.gov.lk

ෆේස්බුක් ගිණුම: www.facebook.com/pucsl

 

02.09.2026