බලපත්‍ර ප්‍රදානය කිරීම සඳහා වන අභිලාෂය
බලපත්‍ර ප්‍රදානය කිරීම සඳහා වන අභිලාෂය

 

2024 අංක 36 දරන ශ්‍රී ලංකා විදුලිබල පනතේ 21(2) සහ (3) වගන්ති යටතේ සිදු කෙරෙන නිවේදනය

 

පාරිභෝගිකයන් වෙත විදුලිබල සම්පාදනයේ අඛණ්ඩත්වය වැඩි දියුණු කිරීම පිණිස 2024 අංක 36 දරන ශ්‍රී ලංකා විදුලිබල පනතේ 21(2) සහ (3) වගන්ති ප්‍රකාරව පහත සඳහන් අයදුම්කරුවන් වෙත විදුලිබලය උත්පාදනය කිරීම සඳහා බලපත්‍ර ප්‍රදානය කිරීමට අදහස් කරන බව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව (කොමිෂන් සභාව) මෙයින් නිවේදනය කර සිටී.

අයදුම්පත් අනු අංකය අයදුම්කරු බලාගාරයේ/ පහසුකමේ නම ස්ථානය ධාරිතාව (MW) තාක්ෂණය
E/AL/N/26/32 ඩබ්ලිව් කේ වී හයිඩ්‍රො ටෙක්නික්ස් (ප්‍රයිවට්) ලිමිටඩ් ගුරුළුවන කුඩා ජල විදුලි බලාගාරය ගම්පොලතැන්න, ගිලීමලේ, රත්නපුර

 

2 කුඩා ජල විදුලි

 

E/AL/N/26/33 හේලීස් ඉලෙක්ට්‍රොනික්ස් ලිමිටඩ් කුරුණෑගල 2 (2023/006/C-165) 5MW සූර්ය බලාගාරය කුරුණෑගල 5 සූර්ය බල පීවී
E/AL/N/26/34 ඩන්සිනේන් පවර් කමිපැනි (ප්‍රයිවට්) ලිමිටඩ්

 


ඩන්සිනේන් කුඩා ජල විදුලි බලාගාර ව්‍යාපෘතිය
ඩන්සිනේන් තේ වත්ත, පූඬලුඔය

 

2.7 කුඩා ජල විදුලි

 

E/AL/N/26/35 ක්වීන්ස් ඇසට් මැනේජ්මන්ට් (ප්‍රයිවට්) ලිමිටඩ්

 


1.5MW බිම් සවි කළ වස්කඩුව සූර්ය බලශක්ති II ව්‍යාපෘතිය

මනන්දූව, නුගගොඩ, වස්කඩුව
1.5 සූර්ය බල පීවී
E/AL/N/26/36 කූල්බෝන් හයිඩ්‍රෝ (ප්‍රයිවට්) ලිමිටඩ් කූල්බෝන් කුඩා ජල විදුලි බලාගාරය කූල්බෝන් වත්ත, ගිනිගත්හේන, නුවරඑළිය දිස්ත්‍රික්කය 0.75 කුඩා ජල විදුලි

 

 

ඉහත යෝජනා සම්බන්ධයෙන් කිසියම් අදහස් දැක්වීමක් වෙතොත් මෙම නිවේදනයේ දින සිට දින විසි අටක් (28) තුළ කොමිෂන් සභාව වෙත ලිඛිතව ලබා දිය යුතුය.

අදහස් දැක්විම් එවීමේදී අයදුම්පත් අනු අංකය සඳහන් කිරීමට කටයුතු කරන ලෙස කාරුණිකව දන්වා සිටිමි.

 

සභාපති                                                            

ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව

6 වන මහළ, ලංකා බැංකු වෙළඳ කුළුණ,

අංක 28, ශාන්ත මයිකල් පාර,

කොළඹ 03.

දුරකථන: 011-2392606-7

ෆැක්ස්: 011-2392641

විද්‍යුත් තැපෑල: licensing@pucsl.gov.lk

වෙබ් අඩවිය: www.pucsl.gov.lk

දිනය: 2026/09/01