පාරිභෝගික උපදේශන කමිටු සාමාජික තනතුර
පාරිභෝගික උපදේශන කමිටු සාමාජික තනතුර

පාරිභෝගික උපදේශන කමිටු සාමාජික තනතුර (බස්නාහිර පළාත, උතුරු පළාත හා උතුරු මැද පළාත) නියෝජනය කිරීම සඳහා

ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව මෙරට විදුලිබල කර්මාන්තයේ ආර්ථික, තාක්ෂණික හා ආරක්ෂණ නියාමන ආයතනය වන අතර ජල සැපයුම් සේවා සහ ඛණිජ තෙල් යන කර්මාන්ත සදහා නම්කල නියාමන ආයතනය වේ.  නියාමනය වන කර්මාන්තවල පාරිභෝගික අයිතිය ආරක්ෂා කිරීම ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවෙහි ප්‍රමුඛ අරමුණක් වේ.  නිසි ප්‍රමිතීන් සකස්කිරීම, පාරිභෝගික අයිතිවාසිකම් ආරක්ෂාවීම පිළිබද අධීක්ෂණය සහ පාරිභෝගිකයින් දැනුවත්කිරීම සම්බන්ධයෙන් කොමිෂන් සභාවට උපදෙස් ලබාදීම සදහා පාරිභෝගික උපදේශන කමිටුවක් පිහිටුවා ඇත.

පාරිභෝගික උපදේශන කමිටුවේ බස්නාහිර පළාත, උතුරු පළාත හා උතුරු මැද යන පළාත් නියෝජනය කරමින් එක් එක් පළාත සඳහා සුදුසුකම්ලත් එක් සාමාජිකයෙකුට කොමිෂන් සභාව විසින් නියාමනය කරනු ලබන කාර්මාන්තයන්හි පාරිභෝගිකයන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා කටයුතු කිරීමට අයදුම්පත් මින් කැඳවනු ලැබේ. පාරිභෝගික කමිටුවේ සාමාජිකයන් සඳහා නිතිපතා ගෙවීමක් නොකරන නමුත්, කොමිෂන් සභාවේ මාසික පාරිභෝගික උපදේශන කමිටු රැස්වීම් සඳහා සහභාගී වීමට ගමන් වියදම් දීමනාව හා සහභාගී වීමේ දීමනාවක් ගෙවනු ලබයි.

අයදුම්කරුවන් පහත සදහන් සුදුසුකම් සපුරාලිය යුතුයි

  • මෙම දැන්වීමේ දිනය වන විට වයස අවුරුදු 65ට අඩු විය යුතුය
  • තමා නියෝජනය කරන පළාතෙහි ස්ථිර පදිංචිකරුවෙකු විය යුතුය.
  • තමා නියෝජනය කරනු ලබන පළාත තුළ ප්‍රජාව වෙනුවෙන් ස්වෙච්ඡා සේවා /සමාජ සේවා කටයුතු වල නිරතව සිටිය යුතුය
  • සිංහල හෝ දෙමල භාෂාවට අමතරව ඉංග්‍රීසි භාෂාවෙන් කටයුතු කිරීමේ ඇති හැකියාව අමතර සුදුසුකමක් වනු ඇත

අයදුම්පත සමග ඉදිරිපත්කළ යුතු අනෙකුත් ලියකියවිලි

  • ප්‍රජා/සමාජ සේවා කටයුතු වල නිරත වීම මගින් ලද පළපුරුද්ද ඇතුලත් කරන ලද ජීව දත්ත පත්‍රිකාව
  • මෙම අවස්ථාව තමා නියෝජනය කරන පළාතේ පාරිභෝගිකයන්ගේ යහපත වෙනුවෙන් යොදා ගැනීමට බලාපොරොත්තු වන ආකාරය විස්තර කෙරෙන වචන 500ට නොඅඩු රචනාවක්
  • පදිංචිය පිළිබද ග්‍රාම නිළධාරි සහතිකය
  • ප්‍රදේශයේ සිවිල් සමාජ නායකයෙකු විසින් නිකුත් කරන ලද චරිත සහතිකයක්

පාරිභෝගික උපදේශක කමිටුව සහ එම කමිටුවේ සාමාජිකයන් වෙනුවෙන් බලපාන කොන්දේසි ආදි තොරතුරු කොමිෂන් සභා වෙබ් අඩවියට (www.pucsl.gov.lkපිවිසීම මගින් හෝ 011-2392607/8 යන දුරකථන අංක ඔස්සේ සම්බන්ධ වී කොමිෂන් සභාවේ පාරිභෝගික කටයුතු අංශය ඇමතීමෙන් ලබා ගත හැකිය.  

 

අයදුම්පත එවන ලිපි කවරයේ වම්පස ඉහල කොටසේ හෝ ඊමේල් පණිවිඩයේ විෂය තීරයෙහි අයදුම්කරන තනතුර සදහන් කල යුතු ය.

අයදුම්පත් 03.03.2026 වන දින හෝ එදිනට පෙර පහත ලිපිනයට එවිය යුතු වේ.

 

සභාපති

ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව

6 වන මහළලංකා බැංකු වෙළඳ කුළුණ,

නො. 28ශාන්ත මයිකල් පාර, කොළඹ 03.

 

දුරකථනය: 011-2392607/8      ෆැක්ස්: 011-2392641

ඊමේල්: careers@pucsl.gov.lk

වෙබ්අඩවිය: www.pucsl.gov.lk

දිනය:13.2.2026