ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව මෙරට විදුලිබල කර්මාන්තයේ ආර්ථික, තාක්ෂණික හා ආරක්ෂණ නියාමන ආයතනය වන අතර ජල සැපයුම් සේවා සහ ඛණිජ තෙල් යන කර්මාන්ත සදහා නම්කල නියාමන ආයතනය වේ. නියාමනය වන මෙම කර්මාන්තවල පාරිභෝගික අයිතිය ආරක්ෂා කිරීම ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවෙහි එක් ප්‍රමුඛ අරමුණක් වේ.
නියාමන කර්මාන්තයන්හි වාර්තාවන ආරවුල් වඩා සාධාරණව සහ ළුලදායී ලෙස නිරාකරණය සදහා 2009 අංක 20 දරණ ශ්‍රී ලංකා විදුලිබල පනත යටතේ ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව විසින් විදුලිබල (ආරවුල් නිරවුල් කිරීමේ කාර්ය පටිපාටිය) රීතී නිකුත් කර ඇත. මෙම ආරවුල් විසදීමේ ක්‍රියාවලියට සහාය වීම සඳහා සමථ මණ්ඩල සංචිතයක් ස්ථාපිත කරන අතර සමථකරණ මණ්ඩලයේ සාමාජිකයන් ලෙස සේවය කිරීම සඳහා ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව විසින් සුදුසුකම් ලත් වෘත්තිකයන්ගෙන් අයදුම්පත් කැදවනු ලබයි.
මෙම සමථකරණ මණ්ඩල සංචිතය විදුලි ඉංජිනේරු විද්‍යාව, යාන්ත්‍රික ඉංජිනේරු විද්‍යාව, නීතිය මෙන්ම පරිපාලන ක්ෂේත්‍රයන් සම්බන්ධයෙන් පළපුරුද්දක් සහිත විශේෂඥයින්ගෙන් සමන්විත වන අතර, එකී නිළධාරීන් කොමිෂන් සභාවට යොමු වන ආරවුල් නිරවුල් කිරීමට පහසුකම් සැලැස්වීම සිදු කරනු ලබයි. තෝරාගනු ලබන නිළධාරීන් අවශ්‍යතා පදනම මත සම්බන්ධ කර ගනු ලබන අතර ගමන් වියදම්, මණ්ඩල රැස්වීම්වලට සහභාගී වීම සහ අවසන් වාර්තා සකස් කිරීම ආවරණය වන පරිදි සාධාරණ ගෙවීම් කරනු ලබයි.
අයදුම්කරුවන් පහත සදහන් සුදුසුකම් සපුරාලිය යුතුයි
අයදුම්පත සමඟ ඉදිරිපත් කළ යුතු අනෙකුත් ලියකියවිලි
අරවුල් නිරවුල් කිරීමේ කාර්යය පටිපාටිය සම්බන්ධ තොරතුරු කොමිෂන් සභා වෙබ් අඩවියට (www.pucsl.gov.lk) පිවිසීම මගින් හෝ 0112392607/8 යන දුරකථන අංක ඔස්සේ සම්බන්ධ වී කොමිෂන් සභාවේ පාරිභෝගික කටයුතු අංශය ඇමතීමෙන් ලබා ගත හැකිය.
අයදුම්පත් 06.02.2026 වන දින හෝ එදිනට පෙර පහත ලිපිනයට එවිය යුතු වේ.
සභාපති
ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව
6 වන මහළ, ලංකා බැංකු වෙළඳ කුළුණ,
නො. 28, ශාන්ත මයිකල් පාර, කොළඹ – 03.
දුරකථනය: 011-2392607/8 ෆැක්ස්: 011-2392641
ඊමේල්: careers@pucsl.gov.lk
වෙබ්අඩවිය: www.pucsl.gov.lk