2002 අංක 35 දරන ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභා පනත මගින් ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව පිහිටුවන ලදී. එම පනත යටතේ විදුලිබල කර්මාන්තය, ජල සේවා කර්මාන්තය හා ඛණිජ තෙල් කර්මාන්තය යන කර්මාන්ත නියාමනය සදහා නම් කෙරිනි. 2009 අංක 20 දරන ශ්‍රී ලංකා විදුලිබල පනත බලාත්මක වීමෙන් අනතුරුව විදුලිබල කර්මාන්තයේ ආර්ථික, තාක්ෂණික හා ආරක්ෂණ යන ක්ෂේත්‍රවල නියාමන කටයුතු ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව විසින් ආරම්භ කරන ලදී. අදාල පනත් මගින් කොමිෂන් සභාව වෙත බලය පැවරීමෙන් අනතුරුව ජල සේවා සහ ඛණිජතෙල් යන කර්මාන්ත වල නියාමන කටයුතු ද ආරම්භකිරීමට කොමිෂන් සභාව පියවර ගෙන ඇත. ලිහිසි තෙල් වෙළදපොල ඡායාමාත්‍ර නියාමනය සහ විදුලි වාහන ආරෝපණ මධ්‍යස්ථාන නියාමනය ද ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවට පැවරී තිබේ.
2002 අංක 35 දරන ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව පනත හා 2009 අංක 20 දරන ශ්‍රී ලංකා විදුලිබල පනතේ සදහන් අරමුණු ලගා කර ගැනීම සදහා ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව වාර්ෂිකව ක්‍රියාකාරකම් සකස් කර ක්‍රියාවට නංවයි. 2026 වර්ෂය සඳහා වූ විදුලිබල කර්මාන්තය සඳහා වන ක්‍රියාකාරකම් ප්‍රධාන අංශ 4ක් යටතේ සහ ජල සේවා කර්මාන්තය සහ ඛනිජ තෙල් කර්මාන්තය සඳහා වන මූලික ක්‍රියාකාරකම් කෙටුම්පත් කර තිබේ. පාර්ශ්වකරුවන්ගේ අදහස් හා යෝජනා අනුව යෝජිත ක්‍රියාකාරකම් සංශෝධනය කිරීමට කොමිෂන් සභාව අපේක්ෂා කරයි. ඒ අනුව, www.pucsl.gov.lk හි ප්‍රකාශයට පත් කර ඇති 2026 වර්ෂය සදහා යෝජිත ක්‍රියාකාරකම් පිළිබඳ අදහස් හා යෝජනා ඉදිරිපත් කරන ලෙස මහජනතාවගෙන් සහ අනෙකුත් පාර්ශවකරුවන්ගෙන් ඉල්ලා සිටී.
මේ සම්බන්ධයෙන් සිය ලිඛිත කරුණු 2025.11.28 හෝ ඊට පෙර කොමිෂන් සභාව වෙත එවීමට උනන්දුවක් දක්වන පාර්ශ්වයන්ට ආරාධනා කෙරේ.
ප්‍රතිචාර දැක්විය හැකි ක්‍රම:
තැපෑලෙන් :
“2026 වාර්ෂික ක්‍රියාකාරකම් සැලැස්ම පිළිබඳ මහජන අදහස් විමසීම”
ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව,
06 මහල, ලංකා බැංකු වෙලඳ කුළුණ,
අංක 28, ශාන්ත මයිකල් පාර,
කොළඹ 03.
හෝ
විද්‍යුත් තැපෑල: info@pucsl.gov.lk
දුරකථන: (011) 2392607/8
ෆැක්ස්: (011) 2392641
සභාපති
ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව
දිනය: 2025-11-07