2002 අංක 35 දරන ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභා පනත යටතේ ස්ථාපිත ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව (PUCSL), එහි කාර්ය මණ්ඩලයේ සාමාජිකයින් බඳවා ගැනීම්, වේතන සහ සේවා නියමයන් සහ කොන්දේසි ඇතුළුව 12(1) වගන්තියේ දක්වා ඇති කරුණු සම්බන්ධයෙන් පනතේ 12(3) වගන්තිය යටතේ නීති සම්පාදනය කිරීමේ ව්‍යවස්ථාපිත බලය පැවරී ඇත.
2002 අංක 35 දරන ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභා පනතේ 17 වන වගන්තියට අනුකූලව පහත සඳහන් රීති සම්බන්ධයෙන් අදහස් හා යොජනා ලබා ගැනීම සඳහා මහජන උපදේශනයක් පැවැත්වීමට කොමිෂන් සභාව තීරණය කර ඇත.
ඉහත ලේඛන www.pucsl.gov.lk වෙබ් අඩවියෙන් ලබා ගත හැකිය.
කොමිෂන් සභාව 2025 නොවැම්බර් 19 වන දින හෝ ඊට පෙර අදාළ පාර්ශවකරුවන්ගෙන් ඉහත රීති පිළිබඳ අදහස් ඉල්ලා සිටී.
සභාපති
ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව
අංක 28, 6 වන මහල, ලංකා බැංකු වෙළඳ කුළුණ,
ශාන්ත මයිකල් පාර, කොළඹ 03
දුරකථන: 0112392607/8
ෆැක්ස්: 0112392641
විද්‍යුත් තැපෑල: info@pucsl.gov.lk
31.10.2025