පුරප්පාඩු නිවේදනය
පුරප්පාඩු නිවේදනය

සහකාර අධ්‍යක්ෂ – ආයතනික සන්නිවේදන (ඉංග්‍රීසි මාධ්‍යය)  (තනතුරු 01)

 

වාර්තාකරණ සම්බන්ධතාවය: අධ්‍යක්ෂ – මානව සම්පත් සහ පරිපාලන

 

සුදුසුකම් සහ පළපුරුද්ද

  • ශ‍්‍රී ලංකා විශ්ව විද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභාව විසින් පිළිගත් විශ්ව විද්‍යාලයකින් ජනමාධ්‍යවේදය/ජනමාධ්‍ය / මාධ්‍ය කලා නිෂ්පාදන තාක්ෂණය පිළිබඳ උපාධිය (ඉංග‍්‍රීසි මාධ්‍යය* හෝ අදාළ වෙනත් උපාධියක්
  • ආයතනික සන්නිවේදනය, මහජන සම්බන්ධතා හෝ පුවත්පත් කලාව පිළිබඳ අවම වශයෙන් වසර 3 ක පළපුරුද්ද
  • ලිඛිත සහ කථන ඉංග‍්‍රීසි යන දෙකෙහිම විශිෂ්ට ප‍්‍රවීණතාව
  • බ්ලොග් ලිවීම, ආයතනික වාර්තා ලිවීම, සමාජ මාධ්‍ය අන්තර්ගත සංවර්ධනය සහ වෙබ් පරිපාලනය පිළිබඳ පළපුරුද්ද
  • වයස: අවුරුදු 35 ට නොවැඩි විය යුතුය.

 

කළමනාකරණ සහකාර (මානව සම්පත් හා පරිපාලන)  (තනතුරු  01)

 

වාර්තාකරණ සම්බන්ධතාවය: අධ්‍යක්ෂ – මානව සම්පත් සහ පරිපාලන

 

සුදුසුකම් සහ පළපුරුද්ද

  • අ.පො.ස. (උසස් පෙළ* විභාගයේදී අවම වශයෙන් විෂයන් තුන (03)ක් සඳහා සම්මාන සාමාර්ථ සහිතව (සාමාන්‍ය පරීක්ෂණය සහ සාමාන්‍ය ඉංග‍්‍රීසි විෂය හැර* එකවර ලබාගෙන තිබිය යුතුය
  • අ.පො.ස. (සාමාන්‍ය පෙළ* විභාගයේදී ඉංග‍්‍රීසි හා ගණිතය විෂයයන්ට සම්මාන සහිතව එක්වරකදී විෂයයන් හය (06)ක් සමත්ව තිබිය යුතුය
  • මානව සම්පත් හා පරිපාලනල පිළිගැනීමේ කටයුතු සහ මහජන සම්බන්ධතා පිලිබඳ සේවා පළපුරුද්ද
  • වයස: අවුරුදු 30 ට නොවැඩි විය යුතුය.

 

පොදු කොන්දේසි

  • ඉහත තනතුරු සදහා ආකර්ෂණීය වැටුප් හා ප්‍රතිලාභ හිමි වේ.
  • සුදුසුකම් සහ පලපුරුද්ද අනුව තෝරාගන්නා අයදුම්කරුවන් සම්මුඛ පරීක්ෂණය/ තරඟ විභාගයක් සදහා කැදවන අතර එම තෝරාගැනීමේ පරීක්ෂණ වලට ලබාගන්නා ලකුණු පදනම් කරගෙන තෝරාගැනීම සිදු කෙරේ
  • අයදුම්කරුගේ සම්පුර්ණ නම, ලිපිනය, දුරකතන අංක, උපන් දිනය, වයස, පුරවැසිභාවය, අධ්‍යාපන සහ වෘත්තීය සුදුසුකම් සහ වෙනත් තොරතුරු සහ අයදුම්කරු පිළිබද නිර්දේශ ඉදිරිපත් කල හැකි ඥාතීන් නොවන දෙදෙනෙකුගේ නම්, දුරකතන අංක ඇතුලත් කර සකසන ලද අයදුම්පත් 05.23 වැනි දින හෝ එදිනට පෙර එවිය යුතු වේ.
  • අයදුම්පත එවන ලිපි කවරයේ වම්පස ඉහල කොටසේ හෝ ඊමේල් පණිවිඩයේ විෂය තීරයෙහි අයදුම්කරන තනතුර සදහන් කල යුතු ය.

ලිපිනය:                අධ්‍යක්ෂ (මානව සම්පත් හා පරිපාලන)

ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව

6 වන මහළ, ලංකා බැංකු වෙළඳ කුළුණ,

28, ශාන්ත මයිකල් පාර,

කොළඹ – 03.

ඊමේල්: careers@pucsl.gov.lk

සභාපති

ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව

දුරකතනය: 011-2392608/7

වෙබ්අඩවිය: www.pucsl.gov.lk

09.05.2025