
යෝජිත 2025-2044 දිගුකාලීන විදුලි ජනන සැලැස්ම පිළිබඳ මහජන අදහස් විමසීම
(2002 අංක 35 දරන ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභා පනතේ 17 වන වගන්නිය යටතේ පලකරනු ලබන නිවේදනයයි)
2009 අංක 20 දරණ ශ්‍රී ලංකා විදුලිබල පනතේ (සංශෝධිත පරිදි) 43 වැනි වගන්තිය යටතේ ලංකා විදුලිබල මණ්ඩලය (ලංවිම) විසින් සකස් කර කොමිෂන් සභාවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කරන ලද 2025-2044 දිගුකාලීන විදුලි ජනන සැලැස්ම සම්බන්ධයෙන් මහජන අදහස් ලබා ගැනීමට (මහජන උපදේශනය) ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව තීරණය කර තිබේ.
2025-2044 කාලසීමාව සඳහා ලංකා විදුලිබල මණ්ඩලය විසින් සිදු කරන ලද නව විදුලි ජනන ව්‍යාප්ති සැලසුම් අධ්‍යයනවල ප්‍රතිඵල මත පදනම්ව මෙම සැලැස්ම සම්පාදනය කර ඇත. මෙම සැලැස්ම, රටේ දැනට පවතින ජනන පද්ධතිය, අනාගත විදුලි ඉල්ලුම සහ අනාගත විදුලි උත්පාදන විකල්පයන් පිළිබඳ පුළුල් දැක්මක් ලබා දෙයි. එහි යෝජිත ව්‍යාපෘති සඳහා සැලසුම් ක්‍රමවේදය, පද්ධති ඉල්ලුම පුරෝකථනය සහ ආයෝජන සහ ව්‍යාපෘති ඉදිකිරීමේ සැලසුම් පිළිබඳ සවිස්තරාත්මක තොරතුරු ද අන්තර්ගත වේ.
ලංකා විදුලිබල මණ්ඩලය විසින් 2025-2044 දිගුකාලීන විදුලි ජනන සැලැස්මෙහි කෙටුම්පත මෙතනින් ලබාගත හැකි අතර ඊට අදාල උපදේශන පත්‍රිකාව මෙතනින් ලබාගත හැක.
2025-2044 දිගුකාලීන විදුලි ජනන සැලැස්ම සම්බන්ධයෙන් යම් ගැටළු, අදහස් හෝ යෝජනා වේ නම් ඒවා ලිඛිතව ඉදිරිපත්කරන ලෙස සියලු පාර්ශවයන්ට හා මහජනතාවට මෙයින් ඇරයුම් කරනු ලැබේ. කොමිෂන් සභාව විසින් එම ලිඛිත ඉදිරිපත්කිරීම් සළකා බලනු ඇති අතර අවශ්‍ය වෙතොත් වාචික අදහස් දැක්වීම සදහා අදාළ පාර්ශ්වයන්ට මහජන උපයෝගිතා කොමිෂන් සභාව විසින් දන්වනු ඇත.
2002 අංක 35 දරන ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභා පනතේ 17 වන වගන්තිය යටතේ කොමිෂන් සභාව වෙත පැවරී ඇති බලතල ප්‍රකාරව වාචික ඉදිරිපත් කිරීම් සඳහා ද සැසියක් පවත්වනු ලබන අතර ඒ සදහා කැමැත්තක් දක්වන පාර්ශ්වයන්ට ඉහත කී සැසියේදී ඔවුන්ගේ අදහස් ඉදිරිපත් කිරීමට අවස්ථාව ලබා දෙනු ඇත. එබැවින්, ලිඛිත ඉදිරිපත් කිරීම සමඟ ඉහත කී වාචික සැසියට සහභාගී වීමට ඔබේ කැමැත්ත ද සඳහන් කළ හැකිය. මෙම මහජන උපදේශනයේ වාචික අදහස් දැක්වීමේ සැසිය පැවැත්වීමට නියමිත දිනය, වේලාව සහ ස්ථානය මහජනතාවට ඉදිරියේදී දැනුම් දෙනු ලැබේ.
ලිඛිත අදහස් හා යෝජනා පහත ලිපිනයට හෝ පහත සදහන් වෙනත් ආකාරයන් ඔස්සේ 2024 දෙසැම්බර් 08 දිනට පෙර ඉදිරිපත් කල හැකිය.
“යෝජිත 2025-2044 දිගුකාලීන විදුලි ජනන සැලැස්ම පිළිබඳ මහජන අදහස් විමසීම”
ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව,
6 වන මහල, ලංකා බැංකු වෙළද කුළුණ, අංක 28, සාන්ත මයිකල් පාර, කොළඹ 3
ෆැක්ස් : 011 2392641
ඊමේල් : consultation@pucsl.gov.lk
වෙබ් අඩවියෙන්: www.pucsl.gov.lk
ෆේස්බුක් ගිණුම: www.facebook.com/pucsl
වැඩිදුර තොරතුරු සදහා දුරකතන අංක 0770126254 ඔස්සේ සමීර අදිකාරම් මහතා අමතන්න