2024 වර්ෂය සදහා යෝජිත විදුලි ගාස්තු සංශෝධනය පිළිබද මහජන අදහස් විමසීම
2024 වර්ෂය සදහා යෝජිත විදුලි ගාස්තු සංශෝධනය පිළිබද මහජන අදහස් විමසීම

2009 අංක 20 දරන විදුලි බල පනතේ 30 වන වගන්තියට අනුකූලව බෙදාහැරීමේ බලපත‍්‍ර ලාභියා (ශ‍්‍රී ලංකා විදුලිබල මණ්ඩලය) විසින් 2024 වර්ෂය සඳහා යෝජනා කර ඇති විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් පවත්වනු ලබන මහජන උපදේශනයේ වාචික අදහස් ලබාගැනීමේ සැසිය 2024 ජූලි 09 වන දින පෙරවරු 8.30 සිට පස්වරු 4.30 දක්වා බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ දී පැවැත්වේ.

මෙම මහජන උපදේශනය, ශ‍්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභා පනතේ 17 වන වගන්ති ප‍්‍රකාරව මහජන උපදේශනය පැවැත්වීමට නියමිත පටිපාටියට අනුකූලව පැවැත්වේ.

මහජන අදහස් විමසීම අවසන් වූ පසු, කොමිෂන් සභාව 2024 ජූලි 15 වැනි දින අවසාන තීරණය ප‍්‍රකාශයට පත් කරනු ඇත.

මහජන උපදේශනයේ වාචික අදහස් දැක්වීමේ සැසියේදී විදුලි ගාස්තු සංශෝධනයට අදාළ බලපෑම් හෝ ගැටළු හෝ තොරතුරු සම්බන්ධයෙන් වාචිකව කරුණු දැක්වීම් ඉදිරිපත් කරන ලෙස පාර්ශවකරුවන්ට සහ මහජනතාවට මෙයින් ආරාධනා කෙරේ.

වාචික ඉදිරිපත් කිරීම් සඳහා පහත සඳහන්  ඕනෑම ක‍්‍රමයක් භාවිතා කරමින් 2024 ජූලි 07 දිනට පෙර ලියාපදිංචි වන ලෙස පාර්ශවකරුවන්ගෙන් සහ මහජනතාවගෙන් ඉල්ලා සිටී.

ලියාපදිංචිය සඳහා: 0770 555 166

ඊමේල්: consultation@pucsl.gov.lk

ෆැක්ස්: 011 239 2641

දුරකතනථ 011 239 2607ර/8 (කාර්යාල වේලාවන්හිදී)

උපදේශන පත‍්‍රිකාව ලබාගැනීමට පිවිසෙන්න: www.pucsl.gov.lk

 

සභාපති

ශ‍්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව

02/07/2024