
ඔබේ වාහනයේ එන්ජිම සඳහා භාවිතා කලයුතු නිවැරදි එන්ජින් ඔයිල් හඳුනාගන්නේ කොහොමද?
ඔබේ වහනය සඳහා යොදා ගන්නා ලිහිසිතෙල් එම වාහන්යේ ක්රියාකාරීත්වයට, කල්පැවැත්මට මෙන්ම මගීන්ගේ ආරක්ෂාවට ඉතාම වැදගත් අංගයකි. ඉතින් ඔබ ඔබේ වාහන්යේ එන්ජිමට යෙදියයුතු ලිහිසිතෙල් හඳුනාගන්නේ කොහොමද?
ඉතාම සරල සහ පහසුම මාර්ගය වන්නේ ඔබේ වාහනයේ නිෂ්පාදන සමාගම වාහනය සමග ලබාදෙන අත් පොතයි. මෙම අත්පොතේ ඔබගේ වාහනයට නිෂ්පාදන සමාගම නිර්දේශ කරන ලිහිසිතෙල් අනිවාර්යයෙන්ම අන්තර්ගත වෙනවා.
ඊට අමතරව ඔබගේ රථයේ මෙම ස්ථාන පරීක්ෂාකිරීමෙන්ද ඔබ භාවිතාකලයුතු ලිහිසිතෙල් ඔබට දැනගැනීමට හැකී.
ඒ ආකාර වලින් ඔබට එන්ජිම සඳහා නිවැරදි එන්ජින් ඔයිල් සොයාගත නොහැකි නම්, වාහන නිෂ්පාදකයාගේ මෙරට නියෝජිතවරයාගෙන් ඒ පිළිබඳව විමසා දැනගැනීමට පුළුවන්.
ඔබට තවදුරටත් ඔබ භාවිත කල්යුතු ලිහිසිතෙල් සොයා ගැනීමට අපහසුනම් ඔබට සහය වන්න ශ්රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවට පුළුවන්. 0112392607