
2002 අංක 35 දරන ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව පනත මගින් ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව මෙරට බහුවිධ යටිතල පහසුකම් නියාමන ආයතනය වශයෙන් ස්ථාපිත කර ඇත. 2009 අංක20 දරන ශ්‍රී ලංකා විදුලිබල පනත සම්මත කිරීමෙන් අනතුරුව කොමිෂන් සභාව විදුලිබල කර්මාන්තයේ ආර්ථික, ආරක්ෂණ හා තාක්ෂණ නියාමන ආයතනය වශයෙන් ක්‍රියාත්මක වේ.
(01) සහකාර අධ්යක්ෂ – ආයතනික සන්නිවේදන (තොරතුරු කළමණාකරන) තනතුරු 01. කොන්ත්‍රාත් පදනම මත අවුරුදු 01ක් සදහා
(අ) වාර්තාකිරීමේ සම්බන්ධතාවය
අධ්යක්ෂ-ආයතනික සන්නිවේදන
(ආ) සුදුසුකම්
පිළිගත් විශ්ව විද්‍යාලයකින් පිරිනමන ප්‍රථම උපාධිය හෝ ඒ සමාන සුදුසුකම්
(ඇ) ප්‍රධාන වගකීම්
බහුවිධ නියාමන ආයතනයක් වශයෙන් ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවට අදාල වන ශ්‍රී ලංකා මහජන උපයොගිතා කොමිෂන් සභාව පනත සහ ශ්‍රී ලංකා විදුලිබල පනත සහ අනෙකුත් පනත්(අනාගතයේ දී බලාත්මක වනු ලබන පනත් ද ඇතුළුව) යටතේ සැපයිය යුතු තොරතුරු සදහා කාර්යක්ෂම හා ඵලදායි පද්ධතියක් පවත්වාගෙන යාම. සියළු පාර්ශ්වකරුවන්ට සැපයිය යුතු ප්‍රගාමි තොරතුරු සදහා වගකිව යුතු වේ. තොරතුරු පනත යටතේ තොරතුරු ලබාදීමේ කටයුතු සදහා ද වගකීම පැවරේ.
(ඈ) පලපුරුද්ද
(ඉ) වයස : අවුරුදු 35ට වඩා අඩු විය යුතු ය.
ඉහත තනතුරු සදහා ආකර්ෂණීය වැටුප් හා ප්රතිලාභ හිමි වේ. සුදුසුකම් සහ පලපුරුද්ද අනුව කෙටි ලැයිස්තුගතකරන අයදුම්කරුවන් සම්මුඛ පරීක්ෂණය සදහා කැදවන අතර සම්මුඛ පරීක්ෂණයේදී දක්වන හැකියාවන් මත පදනම් ව තෝරාගැනීම සිදු වේ.
අයදුම්කරුගේ සම්පුර්ණ නම, ලිපිනය, දුරකතන අංක, උපන් දිනය, වයස, පුරවැසිභාවය, අධ්‍යාපන සහ වෘත්තීය සුදුසුකම් සහ වෙනත් තොරතුරු සහ අයදුම්කරු පිළිබද නිර්දේශ ඉදිරිපත් කල හැකි ඥාතීන් නොවන දෙදෙනෙකුගේ නම්, දුරකතන අංක ඇතුලත් කරන ලද. අයදුම්පත් 21.08.2020 වැනි දින හෝ එදිනට පෙර එවිය යුතු වේ. අයදුම්පත එවන ලිපි කවරයේ වම්පස ඉහල කොටසේ හෝ ඊමේල් පණිවිඩයේ විෂය තීරයෙහි අයදුම්කරන තනතුර සදහන් කල යුතු ය.
සභාපති
ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව
6 වන මහළ, ලංකා බැංකු වෙළඳ කුළුණ, 28, ශාන්ත මයිකල් පාර, කොළඹ – 03.
දුරකතනය: 011-2392608/7 ෆැක්ස්: 011-2392641
ඊමේල්: careers@pucsl.gov.lk වෙබ්අඩවිය: www.pucsl.gov.lk
2020.08.07