
ශ්‍රී ලංකාව තුල පේනු සහ කෙවෙනි සඳහා ප්‍රමිතියක් හඳුන්වා දීමට හේතුව.
පහත දැක්වෙන පරිදි ශ්‍රී ලංකාව තුල නිපදවන සහ ආනයන කරණුලබන විදුලි උපකරනවල පේනු විවිධ හැඩයෙන් යුක්තය.
එමෙන්ම ශ්‍රී ලංකාව තුල භාවිතාවන ප්‍රධාන කෙවෙනි වර්ග තුනකි.
ඉහත දැක්වූ විවිධ හැඩයෙන් යුතු පේනු සමහරක් මෙම කෙවෙනි වලට සම්බන්ධ කිරීමට නොහැකි නිසා විවිධ විදුලි උපකරන භාවිතා කිරීමට, අනාරක්ශිත උපක්‍රම භාවිතා කිරීමට විදුලි පාරිභෝගිකයන් පුරුදුව සිටී.
එවැනි අනාරක්ෂිත උපක්‍රම කිහිපයක් පහත දැක්වේ
(නිසි ප්‍රමිතියෙන් යුතු විදුලි දිගුවක් තෝරා ගන්නා ආකාරය )
මෙම උපක්‍රම නිසා විදුලි අනතුරු ඇතිවීම හේතුවෙන් ජීවිත හානි සහ දේපල හානි සිදුවූ ප්‍රමානය ඉතා ඉහලය.
විදුලි කාන්දු සහ දේපල ගිනිගැනීම්
ශ්‍රී ලංකාව තුල සිදුවන බොහොමයක් ගිනී ගැනීම් ඇතිවීමට හේතුව වන්නේ විදුලි කාන්දුවීම් නිසා හට ගන්නා ගිනිගැනීම් වේ. විදුලි කාන්දු ඇතිවීමට ප්‍රධාන වශයෙන් මුල්වන්නේ
විදුලි කාර්මිකයන් සඳහා බලපත්‍ර නිකුත් කිරීමේ ව්‍යාපෘතිය
නව ප්‍රමිතිය හඳුන්වා දීමෙන් රට තුලට ආනයනය කරන සහ නිපදවන විදුලි උපකරනවල පේනු ඇම්පියර් 13 කොටු හැඩයෙන් යුක්තවීම අනිවාර්යය වේ.
මේ නිසා උපකරණයේ පෙනුවට ගැලපෙන කෙවෙනියක් පවතින නිසා විදුලි උපකරන සම්බන්ධ කිරීමට අතරමැදි උපක්‍රම සහ උපකරන භාවිතා කිරීමට අවශ්‍ය නොවේ.
දැනට නිවසේ පවතින කෙවෙනි හෝ උපකරන වලට වෙනසක් සිදුකිරීමට අවශ්‍ය නොවන අතර දැනට නිවසේ පවතින රවුම් පේනු කොටු කෙවෙනියකට සම්බන්ධ කිරීමට පහත දැක්වෙන පරිදි “1 to 1 Converter” පමනක් භාවිතා කල යුතුය.
කොටු පේනුවක් රවුම් කෙවෙනියකට සම්බන්ධකිරීමටද පහත දැක්වෙන පරිදි ප්‍රමිතියට අනුකූලව “1 to 1 Converter” භාවිතා කල යුතුය
ගොඩනැගිලි රැහැන්ගත කිරීම
නව ගොඩනැගිලි රැහැන් ගත නව ප්‍රමිතියට අනුකූලව සිදුකිරීම කළ යුතුය.
නව ප්‍රමිතියට අනුකූලව නිවසේ රැහැන් පද්ධතිය සැකසීමේදී සැලකිලිමත් විය යුතු කරුණු
නව ප්‍රමිතියට අනුව අභ්‍යන්තර රැහැන් පද්ධතිය සකස් කරගන්නේ කෙසේද?