විද්‍යුත් වාහන ආරෝපණ මධ්‍යස්ථාන සහ ඒවායේ පාරිභෝගික ආරක්ෂාව සම්බන්ධයෙන් මහජන උපදේශනය
විද්‍යුත් වාහන ආරෝපණ මධ්‍යස්ථාන සහ ඒවායේ පාරිභෝගික ආරක්ෂාව සම්බන්ධයෙන් මහජන උපදේශනය

ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව

විද්‍යුත් වාහන ආරෝපණ මධ්‍යස්ථාන සහ ඒවායේ පාරිභෝගික ආරක්ෂාව සම්බන්ධයෙන් මහජන උපදේශනය

Download the Consultation Paper

2002 අංක 35 දරන ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභා පනත මගින් ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව පිහිටවනු ලබන්නේ මෙරට තුල විදුලි බල කර්මාන්තය, ජල සේවා සහ ඛණිජතෙල් කර්මාන්තයන්හි නියාමන ආයතනය ලෙසය.
2002 අංක 35 දරන ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභා පනතෙහි 17 (ආ) වගන්තිය සහ 2009 අංක 20 දරන ශ්‍රී ලංකා විදුලිබල (සංශෝධිත ) පනතෙහි 3(ඔ) වගන්තිය යටතේ, විද්‍යුත් වාහන ආරෝපණ මධ්‍යස්ථාන සහ ඒවායේ පාරිභෝගික ආරක්ෂාව සම්බන්ධයෙන් මහජන උපදේශනයක් පැවත්වීමට තීරණය කර තිබේ

මහජන උපදේශනයට අදාල උපදේශන පත්‍රිකාව www.pucsl.gov.lk යන වෙබ් අඩවියට පිවිසීමේන් හෝ ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභවේ තොරතුරු කේන්ද්‍රයෙන් ඔබට ලබාගත හැක.

පහත සඳහන් කරුණු යටතේ ගොනුකල ඔබගේ ලිඛිත අදහස් 2017 ඔක්තොබර් 04 වන දිනට පෙර අප වෙත ලැබීමට සලස්වන්න.
1. විද්‍යුත් වාහන ආරෝපණ මධ්‍යස්ථාන පිළිබද නාමාවලියක් පවත්වාගෙන යාමේ අවශ්‍යතාව
2. එම මධ්‍යස්ථාන සදහා සේවා සංග්‍රහයක් සකස්කිරීම
3. එම මධ්‍යස්ථානවලින් අය කෙරෙන ගාස්තු පාලනය සහ අනෙකුත් ආරක්ෂණ හා තාක්ෂණ ප්‍රමිතීන් හදුන්වාදීම
4. විද්‍යුත් වාහන ආරෝපණ මධ්‍යස්ථානවල සේවාව ලබාගන්නා පාරිභෝගිකයින් මුහුණ පාන ගැටලු සහ ඔවුන්ගේ අයිතිවාසිකම් ආරක්ෂාව
5. නිවාස වල ආරෝපන පහසුකම් පිළිබද ගැටළු

අදහස් ලබාදිය හැකි ආකාර.
ලිපිනය
ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව
6 වන මහල
ලංකා බැංකු වෙළද කුළුන
අංක 28
ශාන්ත මයිකල් පාර
කොළඹ 3.

වෙබ් අඩවිය හරහා -www.pucsl.gov.lk
කොමිෂන් සභාවේ ෆේස් බුක් ගිණුම හරහා www.facebook.com/pucsl
ඊමේල් ලිපිනය හරහා – consultation@pucsl.gov.lk

ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව
6 වන මහළ, ලංකා බැංකු වෙළඳ කුළුණ, 28, ශාන්ත මයිකල් පාර, කොළඹ – 03.

දුරකතනය: 011-2392608 ෆැක්ස්: 011-2392641

දිනය 2017/08/22