2018 විදුලි අර්බුදයට මුහුණ දීම සදහා සැළසුම් කළ නව බලාගාර කඩිනමින් ඉදිකල යුතු බව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව ලංකා විදුලිබල මණ්ඩලයට දන්වයි
බ්‍රහස්පතින්දා, 19 ජූලි 2018 |

2018 විදුලි අර්බුදයට මුහුණ දීම සදහා සැළසුම් කළ නව බලාගාර කඩිනමින් ඉදිකල යුතු බව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව ලංකා විදුලිබල මණ්ඩලයට දන්වයි
(30/09/2016) – 2017 සිට 2020 දක්වා කාලය තුල ක්‍රියාත්මක කිරීමට නියමිත නව විදුලි බලාගාර ඉදිකිරීමේ සැළැස්ම ඉදිරිපත්කරන ලෙස ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව ලංකා විදුලිබල මණ්ඩලයට දන්වා යැවීය. එක් එක් නව බලාගාරය ඉදිකිරීම හා අවසන්කිරීම ඇතුළු විස්තර ඉදිරිපත් කරන ලෙස මෙහිදී දන්වා තිබේ. ලංකා විදුලි බල මණ්ඩලය විසින් මෙම විස්තර 2016 ඔක්තෝබර මස 28 වැනි දිනට පෙර කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව විසින් නව බලාගාර සැළැස්ම සැප්තැම්බර් මස 15 වැනි දින අනුමත කරනු ලදීත. ලංකා විදුලි බල මණ්ඩලය සකස් කළ මෙම සැළසුමේදී 2017-2020 කාලය තුල වැඩිවන විදුලි ඉල්ලුම සපුරාලීම සදහා නව බලාගාර 8ක් ඉදි කිරීමට යෝජනා විය.
ලංකා විදුලිබල මණ්ඩලයේ සැළැස්ම අනුමත කළ ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව අවධාරනය කලේ නව බලාගාර ප්‍රමාදයකින් තොරව ඉදිකළ යුතු බවයි. විශේෂයෙන්ම 2018 දී ඇති විය හැකි විදුලි අර්බුදයට සාර්ථකව මුහුණ දීම සදහා එම බලාගාර නියමිත කාලය තුලදී ඉදිකර විදුලි උත්පාදන කටයුතු ආරම්භ කළ යුතු වේ.
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වු ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් දමිත කුමාරසිංහ මහතා “ විදුලි ඉල්ලුම ඉහලයමින් පවතිනවා. මේ ඉල්ලුමේ වැඩිවීම අනුව 2018දී විදුලිය සැපයුමෙහි හිගයක් ඇති වෙන්න පුළුවන්. නුදුරු අනාගතයේ ඇතිවන විදුලි ඉල්ලුම ඒ ආකාරයෙන්ම සපුරාලීම සදහා 2017 සිට 2020 දක්වා යෝජිත බලාගාර ප්‍රමාදයකින් තොරව ඉදිකළ යුතු වනවා. එසේ කළහොත් 2018 දී විදුලි අර්බුදයක් ඇති වන්නෙ නැහැ”
ලංකා විදුලි බල මණ්ඩලයේ සැළසුමට අනුව මෙගාවොට් 270ක ධාරිතාවයකින් යුක්ත බලාගාර 2ක්, ගෑස් ටර්බයින් බලාගාරයක්, ස්වාභාවික වායු (LNG) බලාගාරයක්, ජල විදුලි බලාගාර 3ක් ඇතුළු මෙගා වොට් 1230ක ධාරිතාවයකින් යුක්ත බලාගාර ගණනාවක් 2017 සිට 2020 දක්වා කාලය තුලදී ඉදිකිරීමට නියමිත ය.

Letter to CEB on implementation of LCLTGEP 2015-34 – Download

Letter of Approval of LCLTGEP 2015-34 – Downlaod

Approved Least Cost Long term Generation Expansion Plan 2015-2034 (Addendum to the Initial Submission) Download