
2017-2038 දිගු කාලීන විදුලි ජනන සැළැස්ම පිළිබද මහජන අදහස් හා යෝජනා ලබාගැනීම සදහා ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව තීරණය කරයි. ඉදිරි වසර 20ක කාලයක් තුල ඇතිවන විදුලි ඉල්ලුම සපුරාලීම සදහා ඉදිකිරීමට යෝජිත බලාගාර පිළිබද විස්තර ඇතුලත් නව ජනන සැළැස්ම ලංකා විදුලිබල මණ්ඩලය විසින් කොමිෂන් සභාවේ අනුමැතිය සදහා ඉදිරිපත් කර ඇත. මෙම ජනන සැළැස්ම පිළිබද මහජන අදහස් ලබාගැනීමෙන් අනතුරුව ඒ පිළිබද කොමිෂන් සභාවේ තීරණය ප්‍රකාශයට පත් කිරීමට නියමිත ය. මහජන අදහස් හා යෝජනා ජුනි මස 6 වැනිදා තෙක් බාර ගැනේ.
2018-2037 අවම පිරිවැය මත පදනම් වු දිගුකාලීන විදුලිබල ජනන සැළසුම බාගත කර ගන්න
අදහස් ලබාදීම සඳහා පිවිසෙන්න
තැපෑලෙන් පහත සදහන් ලිපිනයට
ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව,
6 වන මහළ,
ලංකා බැංකු වෙළඳ කුළුණ, 28,
ශාන්ත මයිකල් පාර, කොළඹ – 03.
ෆැක්ස් මගින් පහත අංකය ඔස්සෙ :011-2392641