2013-2032 අවම පිරිවැය මත පදනම් වු දිගුකාලීන විදුලිබල උත්පාදන ව්‍යාප්ති සැළසුම පිළිබද මහජන අදහස් විමසීම
බ්‍රහස්පතින්දා, 19 ජූලි 2018 |

2002 අංක 35 දරන ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභා පනතෙහි 17 (ආ) වගන්තිය සහ 2009 අංක 20 දරන ශ්‍රී ලංකා විදුලිබල පනතෙහි 3(ඔ) වගන්තිය යටතේ සම්ප්‍රේශණ බලපත්‍රලාභියා(ලංකා විදුලිබල මණ්ඩලය) විසින් සකස් කර අනුමැතියට ඉදිරිපත් කළ 2013-2032 අවම පිරිවැය දිගුකාලීන විදුලිබල උත්පාදන ව්‍යාප්ති සැළසුම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහජන උයෝගිතා කොමිෂන් සභාව (කොමිෂන් සභාව) මහජන උපදේශනයක් පැවත්වීමට තීරණය කර තිබේ. මෙම වාර්තාව www.pucsl.gov.lk යන වෙබ් අඩවියට පිවිස ලබාගත හැකිය. එසේම එහි මුද්‍රිත පිටපතක් පරිශීලනය සදහා කොමිෂන් සභා කාර්යාලයෙහි තොරතුරු කේන්ද්‍රයෙහි තබා ඇත.

මේ සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන පාර්ශ්වයන් තම අදහස් හා යෝජනා ලිඛිතව කොමිෂන් සභාව වෙත 2013 නොවැම්බර් 29 වන දින හෝ ඊට පෙර ඉදිරිපත් කළ යුතු වේ. ලිඛිත ඉදිරිපත් කිරිම් පහත සදහන් ලිපිනය¸ ඊමේල් ලිපිනය හෝ ෆැක්ස් අංකය හරහා ඉදිරිපත් කරන ලෙස ඉල්ලා සිටිමු.

සභාපති
ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව

6 වන මහළ, ලංකා බැංකු වෙළඳ කුළුණ, 28, ශාන්ත මයිකල් පාර, කොළඹ – 03.
දුරකතනය: 011-2392608 ෆැක්ස්: 011-2392641

ඊමේල්: licensing@pucsl.gov.lk වෙබ්අඩවිය: www.pucsl.gov.lk

2013-2032 අවම පිරිවැය මත පදනම් වු දිගුකාලීන විදුලිබල උත්පාදන ව්‍යාප්ති සැළසුම