
පසුගිය සැප්තැම්බර් මාසයේදී අනුමත කල දිගුකාලීන විදුලිබල උත්පාදන සැළැස්මෙන් යෝජිත විදුලි බලාගාර ඉදිකිරීම තවදුරටත් ප්‍රමාද වන බව ලංකා විදුලිබල මණ්ඩලය ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව වෙත දන්වනු ලැබීය. ලංකා විදුලිබල මණ්ඩලය ඉදිරිපත් කර ඇති නව සැළසුමට අනුව ඉතා කඩිනමින් ඉදිකල යුතු විදුලි බලාගාර 10ක ඉදිකිරීම් වසර කිහිපයකින් ප්‍රමාද වන බව සදහන් වේ. ඒ අනුව 2017 ජනවාරී මාසයේ සිට මෙහෙයුම් ඇරඹීමට නියමිතව තිබු නව තාප බලාගාර දෙකක ඉදිකිරීම් කටයුතු වසර දෙකකින් ප්‍රමාද වනු ඇත. 2018 ජනවාරි මාසයේ සිට ජනන කටයුතු ඇරඹිමට නියමිත ව තිබු බ්‍රෝඩ්ලෑන්ඩ් ජල විදුලි බලාගාරයේ ඉදිකිරීම් කටයුතු නිමා කෙරෙන සංශෝධිත දිනය 2019 ජුනි මාසය වේ. ඒ අනුම මුලික අනුමත දිනයට වඩා වසර 1යි මාස 6ක ප්‍රමාදයක් සිදු වේ. 2019 ජනවාරි මාසයේදී ජනන කටයුතු ආරම්භ කරන ලෙස අනුමැතිය ලබා දුන් මෙගා වොට් 300ක ස්වභාවික වායු බලාගාරය නිමා කෙරෙන දිනය 2020 ජුනි මාසය දක්වා ප්‍රමාද වේ. ඉහත බලාගාර ඇතුළු ප්‍රධාන බලාගාර 10ක ඉදිකිරීම් කටයුතු ප්‍රමාද වන බව ලංකා විදුලිබල මණ්ඩලය ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව වෙත දන්වා ඇත. ඒ බලාගාර ඉදිකිරීමේ සැළසුම් කොමිෂන් සභාව වෙත ඉදිරිපත්කරන ලෙස කළ දැන්වීමකට ප්‍රතිචාර දක්වමිනි.
නියමිත අනුමත දිනය නොසළකා විදුලිබලාගාර ඉදිකිරීම් කටයුතු මේ ආකාරයෙන් ප්‍රමාද කිරීම සම්බන්ධයෙනක් ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව දැඩි අවධානය යොමු කර ඇත. අනාගත විදුලිබල ඉල්ලුම අඛන්ඩව සැපයීම තහවුරු කිරීම සදහා දිගුකාලීන විදුලිබල සැළැස්ම සකස් කර ක්‍රියාත්මක කරන අතර ඊට අනුමැතිය ලබා දී මාස දෙකක් වැනි කාලයක් තුල බලාගාර ඉදිකිරීමේ කටයුතු ප්‍රමාද කිරීම හේතුවෙන් ඉදිරි වසර කීපය තුලදී විදුලිබල හිගයක් ඇතිවිය හැකිය. අනුමත කෙරෙන විදුලි ජනන සැළැස්මෙහි බලාගාර නිසි කාලයට ඉදිකර මෙහෙයුම් කටයුතු ආරම්භ කිරීමේ වගකීම පැවරෙනුයේ සම්ප්‍රේශණ බලපත්‍රලාභියා වන ලංකා විදුලි බල මණ්ඩලයටය. ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ අදහස වනුයේ ලංකා විදුලිබල මණ්ඩලය නව විදුලිබලාගාර ඉදිකිරීම සදහා නිසි උත්සහායක් ගෙන නොමැති බවයි.
යෝජිත විදුලි බලාගාර ඉදිකිරීමේ ප්‍රමාදය පිළිබද තොරතුරු ඉදිරිපත් කරන ලෙස ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව ලංකා විදුලිබල මණ්ඩලයට දන්වා තිබේ. ඒ අනුව ලංකා විදුලිබල මණ්ඩලය විසින් පහත සදහන් තොරතුරු කඩිනමින් ඉදිරිපත් කළ යුතු වේ.
1. අනුමත විදුලි බලාගාර 10ක ඉදිකිරීමේ කටයුතු ප්‍රමාද කිරීමට හේතු
2. 2017-2020 විදුලි ජනන සැළැස්මෙහි බලාගාර ඉදිකිරීමේ අනුමත කාල සීමාව ප්‍රමාද කිරීම නිසා ඇතිවන බලපෑම පිළිබද වාර්තාවක්
3. බලාගාර ඉදිකිරීමේ කටයුතු ප්‍රමාදය හේතුවෙන් ජාතික විදුලි සැපයුමෙහි අඛණ්ඩතාවට බලපෑමක් වන්නේ නම් ලංකා විදුලිබල මණ්ඩලය ඒ සදහා ගන්නා විසදුම් ක්‍රියාමාර්ග
ශ්‍රී ලංකා මහජන උපයෝගිත කොමිෂන් සභාවේ ප්‍රතිචාරය
දිගුකාලීන විදුලි උත්පාදන සැලැස්ම ක්‍රියාවට නැන්වීමේ සැලැස්ම