
විදුලිබල කර්මාන්තයේ නියාමන ආයතනය වන ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව විසින් විදුලි පේනු හා කෙවෙනි සදහා ජාතික ප්‍රමිතියක් ක්‍රියාවට නගන බව අද නිවේදනය කළේය. විශේෂයෙන්ම කාර්මික නොවන අංශවලට භාවිතය සදහා නව ප්‍රමිතියේ විදුලි පේනු සහ කෙවෙනි භාවිත කිරීමට නියමිත ය.
ජාතික ප්‍රමිතිය ලෙස ඝෘජුකෝණාස්‍ර හැඩයෙන් යුත් ජී වර්ගය ලෙස හදුන්වන විදුලි පේනු සහ කෙවෙනි භාවිතයට මාරු වීම සදහා රජය තීරණය කර තිබේ. මේ වන විට විවිධාකාරයේ විදුලි පේනු වර්ග 60කට අධික සංඛ්‍යාවක් ද කෙවෙනි වර්ග 3ක් ද භාවිතා වේ. නව ප්‍රමිතිය ක්‍රියාවට නැගීමෙන් පසුව ඒවා වෙනුවට තනි වර්ගයක් ලෙස ජී වර්ගයේ කෙවෙනි හා පේනු භාවිත කිරීමට නියමිතය.
ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ නිර්දේශ මත අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් මීට අදාල කැබිනට් පත්‍රිකාව සදහා කැබිනට් මණ්ඩලය ඉදිරිපත් කළ අතර මෙම ප්‍රමිතිය සදහා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ද ලැබී ඇත. නව ප්‍රමිතිය 2016 අගෝස්තු 16 වන දා සිට බලාත්මක වේ.
දැනට භාවිතාවේ පවතින අභ්‍යන්තර රැහැන් පද්ධති සහ ඒවායේ විදුලි කෙවෙනි වෙනස් කිරීමට අවශ්‍ය නොවන අතර නව රැහැන් පද්ධති සකස්කිරීමේදී ජී කාණ්ඩයේ විදුලි පේනු සහ කෙවෙනි භාවිතා කළ යුතු වේ. එම කෙවෙනි සදහා වර්ග මිලි මීටර් 2.5 රැහැන්(වයර්) හෙවත් 7/0.67 රැහැන් වර්ගය පමණක් නිර්දේශ කර ඇත.
මෙම ප්‍රමිතිය සකස් කිරීමට පෙර ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව ඒ සදහා පුළුල් මහජන අදහස් විමසීමක් පවත්වන ලදී. විදුලි පාරිභෝගිකයින්, විදුලි පේනු සහ කෙවෙනි නිෂ්පාදකයින්, ආනයනකරුවන් බලශක්ති ක්ෂේත්‍රෙය් විශේෂඥයින් ඇතුළු සියළුම පාර්ශ්වකරුවන්ගේ අදහස් හා යෝජනා සැළකිල්ලට ගෙන ජාතික එකගතාවක් ඇතිව මෙම ප්‍රමිතිය ක්‍රියාවට නැගීමට පියවර ගැනීම විශේෂත්වයකි.
විදුලි පේනු සහ කෙවෙනි සදහා හදුන්වාදෙන ප්‍රමිතිය ඉදිරි දෙවසරක කාලය තුල ක්‍රියාවට නැගෙන්නේ අදියර කීපයක් යටතේය.
• 2016 අගෝස්තු 16 වන දින සිට විදුලි පේනු සහ කෙවෙනි සදහා ජාතික ප්‍රමිතිය බලාත්මක වේ
• 2016 අගෝස්තු 16 දින ජි කාණ්ඩයට අයත් නොවන විදුලි පේනු සහ කෙවෙනි නිෂ්පාදනය, ආනයනය සහ අලෙවිය සදහා සහන කාලයක් ක්‍රියාත්මක වේ.
• 2017 අගෝස්තු 16 දින සිට ජී කාණ්ඩයට අයත් නොවන හෙවත් ජාතික ප්‍රමිතියෙන් තොර විවිධ වර්ගයේ විදුලි පේනු සහ කෙවෙනි ආනයනය තහනම් කෙරේ.
• 2018 අගෝස්තු 16 වන දින සිට ජී වර්ගයේ නොවන විදුලි පේනු සහිත විදුලි උපකරණ අලෙවිය තහනම් කෙරේ.
• වසර 2018 වන විට නව ප්‍රමිතිය ක්‍රියාවට නැගීම සම්පුර්ණ කෙරෙනු ඇත.
FAQ
1. නව ප්‍රමිතිය හඳුන්වා දීමෙන් පසුව දැනට නිවසේ සවිකර ඇති කෙවෙනි වෙන්ස් කළ යුතුද?
නැත. දැනට නිවෙස්වල ඇති 5A කෙවෙනි වල ආයු කාලය නිමාවන්තුරු ඒ අයුරින්ම භාවිතයට කිසිදු තහනමක් නැත. නමුත් ඉදිරීයේදී රටට ගෙන්වනු ලබන හා අළුතින් නිපදවනු ලබන පේනු භාවිතයට තනි පරිවර්තකයක් (කන්වර්ටරයක්) භාවිත කිරීමට සිදුවනු ඇත
2. නව ප්‍රමිතිය හඳුන්වා දීමෙන් පසුව නිවසේ රැහැන් පදධතිය වෙනස් කළ යුතුද?
නැත. නමුත් තම විදුලි පද්ධතිය සුදුසුකම් ලත් විදුලි කාර්මිකයෙකු ලවා පරික්ෂා කර නිවැරදි භාවය තහවුරු කර ගැනීම වැදගත් වේ. මෙහිදී ඇම්පියර 5 පද්ධති සදහා නිසි බහු පද්ධති බිදුම්කාරක (එම්සීබී) සවි කර ඇති බව තහවුරු කරගත යුතුය.
3. නව ප්‍රමිතිය හඳුන්වා දීමෙන් පසුව දැනට නිවසේ ඇති විදුලි උපකරණවල පේනු වෙනස් කල යුතුද?
නැත. අපහසුතාවකින් තොරව භාවිතා කිරීම සඳහා 13A-5A සහ 5A-13A තනි පරිවර්තකයක් භාවිතා කිරීමට සිදුවේ
4. නව ප්‍රමිතිය හඳුන්වා දීමෙන් පසුව අළුතින් විදුලි උපකරණ මිලදී ගැනීමේදී සැලකිලිමත් විය යුතු කරුණු මොනවාද්?
කුඩා උපකරන මිලදී ගැනීමේදී ඇම්පියර 13 පේනුවක් ඇතිදැයි පරික්ෂාකිරීම පමණක් ප්‍රමානවත් වේ. නමුත් ඇම්පියර් 13 වඩා වැඩි ධාරාවක් අවශ්‍යවන උපකරණයක් මිලදී ගන්නේනම් එය භාවිතා කිරීම සඳහා ඔබ නිවසේ රැහැන් පද්ධතියේ එම උපකරණය සඳහා වෙනම පරිපථයක් භාවිතා කළයුතු අතර විදුලිය ලබාදීම සඳහා සුදුසු තනිකුරුවක් (isolator ) භාවිතා කිරීමට සිදුවේ. (උදා: 24000 BTU A/C inverter නොවන)
5. නව ප්‍රමිතිය හඳුන්වා දීමෙන් පසුව නව ඉදිකිරීම් වලදී සැලකිලිමත් විය යුතු කරුණු මොනවාද?
නව ඉදිකිරීම් වලදී ඇම්පියර 13 ජී කාණ්ඩයේ විදුලි පේනු සහ කෙවෙනි භාවිතයට යෝග්‍ය පරිදි රැහැන් පද්ධති සකස් කළ යුතු වේ..
6. දැනට වෙළඳපොලේ ඇති, නිෂ්පාදනය කර ඇති හෝ ආනයනය කර ඇති කෙවෙනි හා පේනු වලට සිඳුවන්නේ කුමක්ද?
නිෂ්පාදනය සහආනයනට සඳහා 2017 අගෝස්තු 17 දක්වා සහන කාලයක් ලබා දී තිබේ. අලෙවිය සදහා සඳහා 2018 අගෝස්තු 16 දක්වා සහන කාලයක් ලබා දී තිබේ
7. දැනට ඇම්පියර 6 කෙවෙනි සඳහා රැහැන් සවි කර ඇති පද්ධති වලදී ජී කාණ්ඩයේ පේනු භාවිත කිරීම සදහා ඇම්පියර 13 කෙවෙනි සවි කිරීමට සිදු වේද?
නැත, දැනටමත් මේ සඳහා පිලියමක් ලෙස “6A MAX “ලෙස ඇමිපියර 13 මුහුනත සහිත ඇම්පියර 6 කෙවනියක් වෙළඳ පොලට හඳුන්වාදීමට නිෂ්පාදකයන් විසින් පියවර ගනු ඇත