විදුලිබල පාරිභෝගික තෘප්තිය පිළිබද තක්සේරුකිරිමට නියැදි සමීක්ෂණයක්
බ්‍රහස්පතින්දා, 19 ජූලි 2018 |

විදුලිබල පාරිභෝගිකයින් 2500ක් සම්මුඛ පරීක්ෂනයට ලක්කරමින් මෙම සමීක්ෂනය දිවයිනේ සියළුම ප්‍රදේශ ආවරණය පරිදි සිදුකෙරේ. ලංකා විදුලිබල මණ්ඩලයේ කලාප 4හි ලංකා විදුලි පෞද්ගලික සමාගමෙහි පාරිභෝගිකයින් නියෝජනය වන පරිදි මෙම නියැදිය තෝරාගෙන ඇත. පාරිභෝගික තෘප්තිය තක්සේරුකිරීමට අමතරව මෙම සමීක්ෂනයේ තවත් අරමුණක් වන්නේ විදුලිබල පරිභෝජනයේදී අරපිරිමැස්ම සම්බන්ධයෙන් පාරිභෝගිකයාගේ දැනුම්වත් භාවය කෙතරම්දැයි සොයා බැලීමයි.
සම්මුඛව ප්‍රශ්නාවලියක් හරහා දත්ත එක්රැස් කිරීම ලබන මාසයේ(2012 දෙසැම්බර්) සිට ආරම්භ කෙරෙන සමීක්ෂණය අවසන් කර වාර්තාව 2013 මාර්තු මාසයේදී ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.