විදුලිබල කර්මාන්තයේ ආර්ථික, තාක්ෂණ හා ආරක්ෂණ ක්ෂේත්‍රයන්හි කාර්යසාධනය ඉහළ දැමීමේ ඉලක්ක සහිතව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව සිය 2016 ක්‍රියාකාරිත්ව සැළැස්ම එළිදක්වයි
බ්‍රහස්පතින්දා, 19 ජූලි 2018 |

විදුලිබල කර්මාන්තයේ ආර්ථික, තාක්ෂණ හා ආරක්ෂණ ක්ෂේත්‍රයන්හි කාර්යසාධනය ඉහළ දැමීමේ ඉලක්ක සහිතව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව සිය 2016 ක්‍රියාකාරිත්ව සැළැස්ම එළිදක්වයි
විදුලිබල කර්මාන්තයේ නියාමන ආයතනය වන ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව 2016 ක්‍රියාකාරිත්ව සැළැස්ම පසුගියදා එළිදැක්වීය. මෙරට විදුලිකර්මාන්තයේ කාර්යක්ෂමතාවල, තාක්ෂණික ප්‍රමිතීන් සහ විදුලිබල ආරක්ෂාව ඉහළදැමීමේ දිගුකාලීන අරමුණු ඉටුකරගැනීම සදහා මේ වසර තුලදී ක්‍රීයාවට නගන ව්‍යාපෘති මේ සැළඝුමට අන්තර්ගතය.
නියාමනය හරහා විදුලිබල කර්මාන්තය වඩා කාර්යක්ෂම, සාධාරණ හා වර්ධනීය ක්ෂේත්‍රයක් බවට පත්කිරීම සදහා විදුලිබල කර්මාන්තයේ කාර්යසාධනය ඉහළ නැංවීම සදහා සැළසුම් කල ව්‍යාපෘති 2016 වසරේදී ක්‍රියාවට නැගීමට නියමිතය.
ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ 2016 ක්‍රියාකාරිත්ව සැළසුම පිළිබද අදහස් දැක්වු එහි අධ්‍යක්ෂ ජනරාල් දමිත කුමාරසිංහ මහතා “ මෙවර ක්‍රියාකාරිත්ව සැළසුම සකස්කිරීමේදීද අපි සියලු පාර්ශ්වයන්ගේ අදහස් ලබාගත්තා. වාර්ෂික ක්‍රියාකාරිත්ව සැළසුම සකස්කිරීම සදහා අපි විසින් ක්‍රමවත් වැඩපිළිවෙලක් අනුගමනය කරනවා. මෙවර සැලැස්ම සකස්කීරීමේදී පදනම වශයෙන් අපි සැලකුවේ විදුලිබල කර්මාන්තයට අදාල දිගුකාලීන ඉලක්ක 12ක්. මේ අරමුණු හා ඉලක්ක විදුලිබල පනත සහ ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභා පනත මගින් දක්වා ඇති අරමුණු වලට අනුව සකස්කර තිබෙනවා. මේ ඉලක්ක හදුනාගැනීමෙන් අනතුරුව ඒවා ලගා කරගැනීම සදහා විවිධ ව්‍යාපෘති හදුනාගත්තා. එසේ අප විසින් යෝජනා කල ව්‍යාපෘති සම්බන්ධයෙන් මහජන අදහස් ද ලබාගත්තා. එම අදහස්ද සැළකිල්ලට ගැනීමෙන් අනතුරුවයි අවසන් සැළසුම කොමිෂන් සභාව විසින් අනුමත කරන ලද්දේ.
ශ්‍රී ලංකාවේ විදුලිබල කර්මාන්තයේ ප්‍රමිතිය වැඩි දියුණු කිරීම සදහා සැළසුම් කල ව්‍යාපෘති ගණනාවක් මෙවර සැළසුමට අඩංගු වේ. එසේම විදුලිබල කාර්යක්ෂමතාව හා ස්ථාවරභාවය සම්බන්ධයෙන් කෙරෙන අධ්‍යයන කීපයක්ද මේ වසරේදී ක්‍රියාවට නැගීමට නියමිතය.
2016 වසරේදී ක්‍රියාත්මක කරන ව්‍යාපෘති සදහා ඇස්තමේන්තුගත ප්‍රතිපාදන ප්‍රමාණය රුපියල් මිලියන 241.9 ක් වේ.
මේ අතර ජල සැපයුම් සේවාව හා ඛණිජතෙල් යන කර්මාන්ත අංශ වල නියාමනය ද ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව යටතට ගැනෙන බව 2016 අයවැය යෝජනා මගින් ප්‍රකාශ විය. නියාමනය හරහා එම කර්මාන්ත අංශවල මිල තීරණය කිරීමේදී පිරිවැය මත පදනම් වු පාරදෘශ්‍ය ක්‍රමවේදයක් ක්‍රියාවට නැගීම නියාමනයේ එක් අරමුණකි.
විදුලිබල කර්මාන්තයේ ආර්ථික, තාක්ෂණ හා ආරක්ෂණ නියාමන ආයතනය වශයෙන් ජාතික ආර්ථිකය තුල වැදගත් මෙහෙවරක් ඉටුකරමින් සිටී. කර්මාන්තය තුලට ප්‍රමාණවත් ආයෝජන ගලාඒම තහවුරු කිරීම, ප්‍රමාණවත් සහ කාර්යක්ෂම විදුලිබල සැපයුමක් සහතික කිරීම සහ විදුලි පාරිභෝගිකයින් සදහා ගුණාත්මක සේවාවක් තහවුරුකිරීම ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ වගකීම වේ. එසේම ලිහිසි තෙල් වෙළද පොල ඡායාමාත්‍ර නියාමන ආයතනය ලෙසද ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව ක්‍රියා කරයි.