පුනර්ජනනීය බලශක්ති අයක්‍රමය ක්‍රියාවට නැගීම සදහා යෝජිත බලාත්මක කිරීමේ නියමය
බ්‍රහස්පතින්දා, 19 ජූලි 2018 |

2012-2013 සදහා අනුමත කළ සාම්ප්‍රදායික නොවන පුනර්ජනනීය විදුලිබලය මිලදී ගැනීමේ අයක්‍රමය ක්‍රියාවට නැගීම සදහා පියවර ගන්නා ලෙස ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව ලංකා විදුලිබල මණ්ඩලයට දන්වා ඇත. ඒ ශ්‍රී ලංකා විදුලිබල පනතේ 34 වගන්තිය යටතේ කොමිෂන් සභාව වෙත පැවරී ඇති බලතල අනුව බලාත්මක කීරීමේ නියමක් නිකුත් කිරීම සදහා පියවර ගනිමින්. යෝජිත බලාත්මක කිරීමේ නියමය පුවත්පත් මගින් ප්‍රසිද්ධියට පත් කර ඇති අතර ඒ සම්බන්ධයෙන් බලපත්‍රලාභියා වශයෙන් ලංකා විදුලිබල මණ්ඩලයට නියෝජන හෝ විරෝධතා ඇත්නම් ඉදිරිපත්කිරීමටද අවශ්ථාව ලබා දී තිබෙනවා.

අදාළ ලේඛන පහත දැක්වේ.

2012 දෙසැම්බර් 13 දින පල කල යෝජිත බලාත්මක කිරිමේ නියමය පිළිබද දැන්වීම

යෝජිත බලාත්මක කිරීමේ නියමය
2012-2013 සදහා අනුමත කළ සාම්ප්‍රදායික නොවන පුනර්ජනනීය විදුලිබලය මිලදී ගැනීමේ අයක්‍රමය
සාම්ප්‍රදායික නොවන පුනර්ජනනීය බලශක්ති ඉලක්ක සදහන් රජයේ ප්‍රතිපත්තිය සහ උපායාමාර්ග පිළිබද ලේඛණය