ප්‍රවෘත්ති නිවේදනය- විද්‍යුත් වාහන ආරෝපණ මධ්‍යස්ථාන සහ ඒවායේ පාරිභෝගික ආරක්ෂාව සම්බන්ධයෙන් පියවර ගැනීම
බ්‍රහස්පතින්දා, 19 ජූලි 2018 |

උපදේශන පත්‍රිකාව ලබාගන්න

විද්‍යුත් වාහන ආරෝපණ මධ්‍යස්ථාන සහ ඒවායේ පාරිභෝගික ආරක්ෂාව සම්බන්ධයෙන් පියවර ගැනීමට ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව තීරණය කර තිබේ. ඒ අනුව මේ ක්ෂේත්‍රයට අදාල ගැටළු හදුනාගෙන අදාල නියාමන නීති හා රෙගුලාසි ක්‍රියාත්මක කිරීමට කොමිෂන් සභාව සැළසුම් කර ඇත. එහි ප්‍රථම අදියර වශයෙන් ක්ෂේත්‍ර යේ ගැටළු හා ඒවාට යෝජනා කරන විසදුම් හදුනාගැනීම සදහා මහජන අදහස් විමසීමක් අද සිට ආරම්භ කෙරේ. මෙහිදී විද්‍යුත් වාහන ආරෝපණ මධ්‍යස්ථාන මුහුණ පාන ගැටළු, එහි සේවාවන් වලට අදලා ගැටුළු, විද්‍යුත් වාහන ආරෝපණ මධ්‍යස්ථානවල සේවාව ලබාගන්නා පාරිභෝගිකයින්ගේ අයිතිවාසිකම්, මෙම මධ්‍යස්ථානවල අයකෙරෙන ගාස්තු ආදිය පිළිබද අදහස් හා යෝජනා ඉදිරිපත් කිරීමට ඉඩකඩ සලසා ඇත. මෙම ලිඛිත අදහස් දැක්වීම් 2017 ඔක්තෝබර් මස 4 වැනි දා දක්වා ඉදිරිපත් කළ හැකිය. එම අදහස් ඉදිරිපත් කිරීම් පහත සදහන් කරුණු වලට අදාල විය යුතු ය.
1. විද්‍යුත් වාහන ආරෝපණ මධ්‍යස්ථාන පිළිබද නාමාවලියක් පවත්වාගෙන යාමේ අවශ්‍යතාව
2. එම මධ්‍යස්ථාන සදහා සේවා සංග්‍රහයක් සකස්කිරීම
3. එම මධ්‍යස්ථානවලින් අය කෙරෙන ගාස්තු පාලනය සහ අනෙකුත් ආරක්ෂණ හා තාක්ෂණ ප්‍රමිතීන් හදුන්වාදීම
4. විද්‍යුත් වාහන ආරෝපණ මධ්‍යස්ථානවල සේවාව ලබාගන්නා පාරිභෝගිකයින් මුහුණ පාන ගැටලු සහ ඔවුන්ගේ අයිතිවාසිකම් ආරක්ෂාව
5. නිවාස වල ආරෝපන පහසුකම් පිළිබද ගැටළු
ඉහත කාරණා පාදක කරගෙන මහජනතාවට අදහස් හා යෝජනා ශ්‍රී ලංකා මහජන කොමිෂන් සභාව වෙත පහත පරිදි ඉදිරිපත් කළ හැකි ය.
ලිපිනය
ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව
6 වන මහල
ලංකා බැංකු වෙළද කුළුන
අංක 28
ශාන්ත මයිකල් පාර
කොළඹ 3.

වෙබ් අඩවිය හරහා -www.pucsl.gov.lk
කොමිෂන් සභාවේ ෆේස් බුක් ගිණුම හරහා www.facebook.com/pucsl
ඊමේල් ලිපිනය හරහා – consultation@pucsl.gov.lk

වැඩිදුර තොරතුරු සඳහා අමතන්න
0772943193- ජයනාත් හේරත්
අධ්‍යක්ෂ- ආයතන සන්නිවේදන