ප්‍රවෘත්ති නිවේදනය- පරිසර බලපෑම් පිළිබද නොරොච්චොලේ ප්‍රජාව ඉදිරිපත් කරන ගැටළු පිළිබද සොයා බැලීමට ශ්‍රී ලංකා මහජන උපයෝගිතා සභාව පියවර ගනී.
බ්‍රහස්පතින්දා, 19 ජූලි 2018 |

2017 අප්‍රේල් 27
නොරොච්චෝලේ විදුලි බලාගාරයෙන් පරිසරයට සිදුවන බලපෑම පිළිබද එම ප්‍රදේශවාසීන් ඉදිරිපත් කරන අදහස් හා යෝජනා පිළිබද සොයා බැලීමට විදුලිබල කර්මාන්තයේ නියාමන ආයතනය වන ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව පියවර ගෙන ඇත. ධීවර හා ගොවි ප්‍රජාව, පරිසරවේදීන්, ලංකා විදුලිබල මණ්ඩලය, මධ්‍යම පරිසර අධිකාරිය, වයඹ පළාත් පරිසර අධිකාරිය, වෙරළ සංරක්ෂණ හා පරිසර පදනම යන ආයතන වල නියෝජිතයින්ගෙන් සැදුම්ලත් නියෝජිත කමිටුවක් සමග මේ සම්බන්ධයෙන් සාකච්ඡා වට දෙකක් පවත්වා තිබේ. මේ වන විට නොරොච්චෝලේ ප්‍රදේශවාසීන් ගේ අදහස් හා යෝජනා මෙම කමිටුවට ඉදිරිපත් කර තිබේ. කමිටුව ලබන මාසයේ නැවත රැස්වීමට නියමිත අතර එහි වාර්තාව ශ්‍රේෂ්ඨාධිකරණයේ විභාග වන මුලික අයිතිවාසිකම් පෙත්සම් විභාගයක් සදහා ඉදිරිපත් කිරීමට නියමිත ය.

ඉහත සදහන් නියෝජිත කමිටුව පත්කරන ලද්දේ නොරොච්චෝලේ බලාගාරයෙන් පරිසරයට සිදුවන බලපෑම් අවමකිරීම සදහා ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවට පියවර ගන්නා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් කරන ලද දැනුම් දීමට අනුකූලවය. නොරොච්චෝලේ විදුලි බලාගාරයෙන් සිදුවන පරිසර බලපෑම පිළිබද ගොනුකල මුලික අයිතිවාසිකම් පෙත්සමට අදාල ක්‍රියාමාර්ගයක් ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවට එසේ පියවර ගන්නා ලෙස නියෝග කර ඇත. එසේම පරිසර හානි පිළිබද සියලු කරුණු සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව පියවර ගනු ඇතැයි ශ්‍රේෂ්ඨාධිකරණය සදහන් කරන ලදී.

තාප බලාගාර වලින් සිදුවන පරිසර බලපෑම පිළිබද අධ්‍යයනය කිරීම සදහා 2016 වර්ෂයේ දී විශේෂඥ කමිටුවක් ක්‍රියාත්මක වේ. එම කමිටුවේ නිර්දේශ මත පරිසර බලපෑම් අවම කිරීම සදහා වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට කොමිෂන් සභාව විසින් පියවර ගැනීමට නියමිත ය.
වැඩිදුර තොරතුරු සඳහා අමතන්න
අනුෂිකා කබුරුගමුව
සහකාර අධ්‍යක්ෂ– ආයතන සන්නිවේදන
0718622800
anushika88@gmail.com