
සින්ගල් ෆේස් ගෘහස්ත විදුලි පාරිභෝගිකයින් සදහා ද කාල පාදක ගාස්තු ක්‍රමය ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව විසින් අනුමත කරන ලදී. ලංකා විදුලිබල මණ්ඩලය කළ යෝජනාවකට අනුව ක්‍රියාත්මක වන නව ගාස්තු ක්‍රමයේදී පරිභෝජනය කරන කාලය අනුව විදුලි ඒකකයක මිල වෙනස් වේ. මෙම ගාස්තු ක්‍රමය අවශ්‍ය පාරිභෝගිකයින්ට පමණක් කැමැත්ත අනුව ඉල්ලුම් කීරීමෙන් ලබාගත හැකි වේ. විශේෂයෙන්ම විද්‍යුත් මෝටර් රථ ආරෝපනය වැනි කටයුතු අඩු මිල ගණන් පවතින කාලයන්හිදී කරගැනීමට ඉඩකඩ ලැබෙන පරිදි නව ගාස්තු පැකේජය සකසා ඇත.
මෙම කාල පාදක ගාස්තු පහත දැක්වේ.
කාලය ඒකකයක මිල (රු)
22.30 (රාත්‍රී) සිට උදෑසනන 5.30 දක්වා-අරපිරිමැසුම් කාලය 13
5.30 සිට 18.30 දක්වා (දහවල් කාලය) 25
18.30 සිට 22.30 (කාර්ය බහුල) 54
විශේෂයෙන්ම ගෘහස්ත අංශයේ වත්මන් ගාස්තු ක්‍රමයට අනුව මාසික පාරිභෝජනය ඒකක 180ට වැඩි වන විට ඒකකයක් සදහා ගෙවිය යුතු මිල රුපියල් 45කි. දවසේ කුමන කාලයක පරිභෝජනය කල ද එම මිල අදාල වේ. තෝරාගත හැකි නව පැකේජය අනුව එවැනි පාරිභෝගිකයෙකුට දහවල් කාලයේදී සිය විදුලිබල අවශ්‍යතාවය සපුරාගනිමින් ඒකකයට රුපියල් 25ක් පමණක් ගෙවිය හැකි ය. ඔහුගේ පරිභෝජනය රාත්‍රි 10යි 30න් පසුව කරන්නේනම් ඔහු ගෙවිය යුතු වන්නේ ඒකකයකට රුපියල් 13ක් තරම් අඩු මිලකි. ඒ අනුව මෙම ගාස්තු ක්‍රමය ඉහල පරිභෝජනයක් ඇති පාරිභෝගිකයෙකුට වාසිදායක ගාස්තු ක්‍රමයකි. රුපියල් 54ක ඒකක ගාස්තුවක් සවස 6.30 සිට රාත්‍රි 10.30 දක්වා කාලය තුලදී පමණක් අදාල වන අතර ඒ මගින් පාරිභෝගිකයා එම කාලය තුලදී විදුලි පාරිභෝජනයට පෙළඹවීම අධෛර්යමත් කරයි. විශේෂයෙන්ම විද්‍යුත් වාහන ආරෝපනය ආදී කටයුතු කාර්ය බහුල වේලාවන් තුල සිදුකිරීම වළකා ඇරපිරිමැසුම් කාල වේලාවන්හි අඩු මිල ගණන් යටතේ කරගැනීමට පාරිභෝගිකයාව දිරිගැන්වීම මෙම ගාස්තු ක්‍රමයෙන් අපේක්ෂිත ය. කෙසේ වෙතත් මෙම ගාස්තු ක්‍රමය පාරිභෝගිකයා කැමැති නම් පමණක් තෝරාගත හැකි ගාස්තු පැකේජයකි.
මෙම කාල පාදක ගාස්තු ක්‍රමය හදුන්වාදී ඇත්තේ කාර්ය බහුල කාලයේදී විදුලි පරිභෝජනය අඩුකර කාර්යබහුල නොවන කාලයන්හිදී විදුලි පරිභෝජනය සදහා දිරිමත් කිරීමේ ඉලක්කය ඇතිවය. ජාතික මට්ටමින් කාර්ය බහුල කාලයේ විදුලි පරිභෝජනය අඩුකිරීම හරහා ජාතික පද්ධතියේ විදුලි කළමනාකරණයද පහසු වනු ඇත.
ලංකා විදුලිබල මණ්ඩලය කල අධ්‍යයනයකින් හෙලි වී ඇත්තේ කාර්ය බහුල කාලය තුල විද්‍යුත් වාහන ආරෝපන කිරීම හේතුවෙන් සවස් කාලයේ දී විදුලි ඉල්ලුම ඉහළ යාමේ ප්‍රවනතාවක් ඇති බවයි. මෙවැනි ගාස්තු ක්‍රමයක් හරහා එවැනි පාරිභෝගිකයින් අඩු මිල කාලය සදහා පෙළඹවීම අපේක්ෂා කෙරේ.