ප්‍රවෘත්ති නිවේදනය- ගෘහස්ත සුර්ය බලාගාර, ජාතික පද්ධතියට සම්බන්ධ කිරීම කඩිනම් කිරීම සදහා නිර්දේශ
බ්‍රහස්පතින්දා, 19 ජූලි 2018 |

ගෘහස්ත සුර්ය බලාගාර සවිකිරීම සදහා අයදුම්කරන විදුලි පාරිභෝගිකයින්ට සති දෙකක් තුලදී සම්බන්ධතාවය ලබාදෙන්නැයි ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව ලංකා විදුලිබල මණ්ඩලයට හා ලංකා විදුලි පුද්ගලික සමාගමට දැනුම් දී තිබේ.

ඒ අනුව ගෘහස්ත සුර්ය පැනල සවිකිරීම සදහා පාරිභෝගිකයෙකු අයදුම් කල දින සිට සති දෙකක් තුලදී ලංකා විදුලිබල මණ්ඩලය (ලංවිම) හෝ ලංකා විදුලි පුද්ගලික සමාගම(ලෙකො) විසින් සුර්යබල පද්ධතිය සදහා සම්බන්ධතා ලබාදී සක්‍රීයකල යුතු වේ.

ඒ අනුව විදුලිබල සේවා සපයන ආයතන සදහා පහත නිර්දේශ නිකුත් කර ඇත.
නිසි ගාස්තු සමග සම්පූර්ණ කරන ලද අයදුම්පත ලැබීමෙන් පසුව විදුලිබල සේවා සපයන ආයතනය (ලංවිම හෝ ලෙකො) විසින් දින 7ක් ඇතුලතදී ඇස්තමේන්තු සකස් කර පාරිභෝගිකයා වෙත ඉදිරිපත් කළ යුතු ය.
විදුලිබල සේවා සපයන ආයතනය හා පාරිභෝගිකයා අතර ගිවිසුම අත්සන්කර සතියක කාලයක් ඇතුළතදී ගෘහස්ත සුර්ය බලාගාරය ජාතික පද්ධතිය හා සම්බන්ධ කළ යුතුය.
රජය විසින් සුර්ය බල සංග්‍රාමය පසුගිය වසරේදී හදුන්වාදුන් අතර 2020 වන විටදී සුර්ය බලශක්ති මුලාශ්‍ර මගින් මෙගා වොට් 200ක විදුලිබලය ජාතික පද්ධතියට එක් කිරීමට අපේක්ෂා කෙරෙන අතර අතර 2025 වන විට සමස්ත සුර්ය බලශක්ති ප්‍රමාණය මෙගා වොට් 1000 දක්වා වර්ධනය කිරීම ජාතික ඉලක්කයයි.
2016 නොවැම්බර් මාසය වන විට ගෟහස්ත සුර්ය බලාගාර 7904ක් ජාතික පද්ධතියට සම්බන්ධ කර තිබිණි. උතුරු පළාත තුල ස්ථාපිත ගෘහස්ත සුර්ය බලාගාර සංඛ්‍යාව 1707ක් වේ. දකුණු පළාතේ 256, වයඹ පළාතේ 249ක්, මධ්‍යම පළාතේ 184ක්, උතුරු මැද පළාතේ 98ක්, නැගෙනහිර පළාතේ 73ක් හා ඌව පළාතේ 32ක් වශයෙන් ගෘහස්ත සුර්ය බලාගාර ස්ථාපිත කර තිබේ.
පසුගිය වසර අගවන විට සුර්ය බල පද්ධති මගින් ගිගා වොට් පැය 40ක විදුලිය ජනනය කෙරිණි.

කොමිෂන් සභාව විසින් ල.ං.වි.ම හා ලේකෝ වෙත යැවූ ලිපිය