කුඩා විදුලිබල ජනන ව්‍යපෘතිවල තිරසරබව සුරැකීමට පියවර
බ්‍රහස්පතින්දා, 19 ජූලි 2018 |

කුඩා විදුලිබල ජනන ව්‍යපෘතීන් ජාතික විදුලි බල පද්ධතියයට සම්බන්ධ කිරිම සදහා අන්තර් සම්බන්ධතා යාන්ත්‍රණයක් සකස්කිරීම

2013 වසර වන විට දී සියලුම ගෘහයන්ට විදුලිය සැපයීම රජයේ ඉලක්කයයි. ජාතික විදුලිබල පද්ධතියෙන් සියයට 97කට පමණ විදුලිය සැපයිය හැකි වුවත් දුර බැහැර පියිටි ඇතැම් ගම්මාන ගණනාවකට විදුලිබලය සැපයීම සදහා කේවල වශයෙන් ක්‍රියාත්මක වන විදුලිබල පද්ධති මත රදාපැවැතීමට සිදුවේ.

මෙසේ දැනට ජාතික විදුලිබල පද්ධතියට සම්බන්ධ නොවී ක්‍රියාත්මක වන විදුලිබල ජනන ව්‍යාපෘති තිරසර ලෙස ක්‍රියාත්මක වීම සහතික කිරිම අත්‍යවශ්‍ය වේ. එසේ නැත්නම් ඒවා ජාතික විදුලිබල පද්ධතියට සම්බන්ධ කර ගත යුතු වේ.

දැනට ජාතික විදුලිබල පද්ධතියෙන් බැහැරව ක්‍රියාත්මක වන සූර්ය බලශක්ති ව්‍යාපෘති සංඛ්‍යාව(නිවාස ඒකක) 120‚000කි. කුඩා පරිමාණ ජල විදුලිබලාගාර ක්‍රියාත්මක ගම්මාන සංඛ්‍යාව 330ක් වන අතර ඒවායින් නිවාස ඒකක 130‚000කට පමණ විදුලිබලය සැපයේ. මෙම ජල විදුලිබලාගාර කළමණාකරණය කෙරෙනුයේ විදුලිබල පාරිභෝගික සංගම් මගිනි. මෙම කුඩා පරිමාණ ජලවිදුලි බලාගාර වලින් 52ක ඒකක ධාරිතාවය කිලෝ වොට් 10 වඩා වැඩි වන අතර ඒවායේ මුළු ධාරිතාවය කිලෝ වොට් 858කි. එකක ධාරිතාවය කිලෝ වොට් 10 වඩා අඩු ව්‍යාපෘති 47ක් ක්‍රියාත්මක අතර ඒවායේ සමස්ත ධාරිතාවය කිලෝ වොට් 275කි.

ග්‍රාමීය ජල විදුලිබල ව්‍යාපෘති තිරසර ලෙස ක්‍රියාත්මක කිරීම හෝ ඒවා ජාතික පද්ධතියට සම්බන්ධ කිරීම සදහා යාන්ත්‍රණයක් සැකසීමේ මුල් පියවර ලෙස අදාළ ව්‍යපෘති පිළිබද සමීක්ෂණයක් කිරීමට ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව පියවර ගත්තේය. එම සමික්ෂණයෙහි මුලික වාර්තාව අවසන් කර තිබේ.

සමීක්ෂණ වාර්තාව